Ads 468x60px

.

Google Maps සෑම ක්ලික් 1000 කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අය කරයි

ලබන වසරේ ජනවාරි මස සිට ගූගල් සිතියම් බහුලව භාවිත කරන වෙබ් අඩවි වලින් මුදලක් අයකිරීමට ගූගල් සමාගම සූදානම් වේ. යම් වෙබ් අඩවියක් තුලදී දිනකට ගූගල් සිතියම් මත පිවිසුම් 25000ට අධික ප්‍රමාණයක් සිදුවේ නම් එවැනි වෙබ් අඩවි වලින් මෙම මුදල අයකරනු ඇත.සංචාරක ආයතන සහ ඉඩම් වෙළදාමේ යෙදෙන ආයතන ඉලක්ක කරගනිමින් මෙම නව පියවර ගන්නා බව ගූගල් සමාගම ප්‍රකාශ කරයි. තම පාරිභෝගිකයින්ට ඔවුන් කැමැති පිහිටුම් බලා තෝරාගැනීම සඳහා ගූගල් සිතියම් භාවිත කිරීමට සලස්වා දීමට බොහෝ ආයතන පෙළඹී ඇත. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබාදෙන මෙම සේවාව ඔස්සේ අසීමිත ලෙස වානිජමය කටයුතු සඳහා පෙළඹීම තුලින් සිය සේවාවේ ගුණාත්මකභාවයට සිදුවන හානිය අවම කිරීමට මෙම පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ගූගල් සමාගම පවසන පරිදි මෙම සීමාව පැනවෙන්නේ ගූගල් සිතියම් භාවිත කරන්නන් ගෙන් සියයට 0.35 වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකට පමණි.මෙම සීමාව ඉක්මවා යන සෑම ක්ලික් 1000කටම ඇමරිකානු ඩොලර් 4ක මුදලක් අයකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails