Ads 468x60px

.

මම කැමතියි, එයා මගෙන් අහන්න බයයි ! - යුරේනි නොෂිකා

කිඳුරංගනා ටෙලිනාට්‍යයේ සංජුගේ චරිතයට පණ පොවමින් පේ‍‍්‍රක්ෂකයා අතර ජනපි‍‍්‍රයත්වයට පත්වූ යුරේනි නොෂිකාගේ කැමැත්ත ඇති පෙම්වතෙක් ඇයගෙන් විමසන තුරු බලා සිටින බව මාධ්‍යයට පවසා තිබිණි. ඔහු ආදරය අයැදීමට බියෙන් පසුවන බව තමාට හැෙඟන බවද නොෂිකා පවසන්නීය.එසේ බියෙන් පසුවන්නේ මන්දැයි ඇය නොදන්නා බවද සඳහන්කර තිබේ.නොෂිකා මෙසේපවසන්නීය.
මට හිතෙන්නෙත් මගෙන් අහන්න බයයි කැමැත්ත. මන් දන්නෑ ඇයි කියල... මට තමයි අහන්න වෙලා තියෙන්නේ.. ඒ නිසා ඔයගොල්ලෝ මම වෙනුවෙන් ඒක කරන්න..
ඔබේ ඉල්ලීමට අපේ සහයෝගය යුරේනිට ඉන්දියාවේදී පිලිප්ස් සමාගමේ චිත‍‍්‍රපට වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාවී ඇති අතර ඇය එම දැන්වීම සඳහා ජෝන් ඒබ‍‍්‍රහම් හා අම්රිතා රාවෝ සමඟ පෙනී සිටි බවවාර්තා වේ.රංගනයට පිවිසීමට පෙර නීතිඥවරියෙකු වීමේ අපේක්‍ෂාවෙන් නීතිය හැදෑරූ ඇය, පසුව මෝස්තර නිරූපණ ශිල්පිණියක් හා ගුවන් සේවිකාවක් ලෙස ද කටයුතු කළාය.

කිඳුරංගනා ටෙලිනාට්‍යයෙන් රංගනයට අත්පොත් තැබූ ඇය, අයාල්, සඳ සාක්ෂි හා පිංගල දනව්ව ටෙලි නාට්‍යවලද රඟපෑවාය.මීට අමතරව ඇය තිසර ඉඹුලානගේ ‘නිනෝ ලයිව්’ හා  දිනේෂ් ප‍‍්‍රියසාද්ගේ ‘ඇද්ද ලණුව දැම්ම කොඩිය’ යන චිත‍‍්‍රපට සඳහාරංගනයෙන් දායක විය.‘සිරස ඩාන්සින් ස්ටාර්ස්’ වැඩසටහන තුළින් ඇය සිය නර්තන කුසලතාවයන්ඉදිරිපත් කළාය.
 
Related Posts with Thumbnails