Ads 468x60px

.

"ස්‌කයිප්" සහ "චැට්‌ රූම්" මගින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් තොරතුරු ගන්න වෙබ් අඩවියක්‌

ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති රෝග හා රෝග නිවාරණය පිළිබඳ තොරතුරු හා සෞඛ්‍ය සේවාවන් පිළිබඳ ලිත තොරතුරු සිංහල, දමිළ හා ඉංගී්‍රසි යන ෙත්‍රෙභාෂා වෙන්ම මහජනතාවට ලබාගත හැකි "සුවසැරිය" (හෙල්ත් නෙට්‌) වෙබ් අඩවිය හා ඇමතුම් මධ්‍යස්‌ථානය පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් එළිදැක්‌විණි. කොළඹ කිංසි පාරේ පිහිටි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය මගින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇති අතර අයි.සී.ටී.ඒ. ආයතනය එයට සහයෝගය දක්‌වා ඇත.

"සුවසැරිය" වෙබ් අඩවිය හරහා මහජනතාවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සහිත ලිපි ලබාගැනීමට අමතරව විද්යුත් තැපෑල (ඊමේල්) මගින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සෞඛ්‍ය තොරතුරු ලබාගත හැකි අතර අන්තර්ජාලයේ "ස්‌කයිප්" සන්නිවේදනය හරහා සහ "චැට්‌ රූම්" පහසුකම් ඔස්‌සේ ඔවුන් ගෙන් තොරතුරු විමසීමේ පහසුකම් සලසා තිබේ. අන්තර්ජාල පහසුකම් නොමැති අයට අලුතින් විවෘත වූ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය යටතේ පවතින ඇමතුම් මධ්‍යස්‌ථානයට 0710-107107 යන දුරකථන අංකයට ඇමතීමෙන් එසේත් නැතිනම් කෙටි දුරකථන පණිවිඩ (එස්‌.එම්.එස්‌.) හරහා ද විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් සෞඛ්‍ය තොරතුරු ලබාගත හැකිය. 


මෙම වෙබ් අඩවිය හරහා අන්තර් ක්‍රියාකාරී සෞඛ්‍ය තොරතුරු, සංඛ්‍යාංක සෞඛ්‍ය විත්ති, සෞඛ්‍ය සම්බන්ධ සංඛ්‍යා ලේඛන හා සෞඛ්‍ය සම්බන්ධිත වෙබ් අඩවි පිළිබඳව ද තොරතුරු ලබාගත හැකි අතර ගුවන් විදුලි සෞඛ්‍ය හා සෞඛ්‍ය පිළිබඳ ශ්‍රව්‍ය විකාශන පහසුකම් සලසා දී තිබේ. මෙහිදී මහජනතාවට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ලබාදීම සඳහා වෛද්‍යවරු 125 දෙනකු පමණ "සුවසැරිය" වෙබ් අඩවියට සම්බන්ධවී සිටිති.

"සුවසැරිය" වෙබ් අඩවියට පිවිසිය හැකි වෙබ් ලිපිනය වනුයේ www.suwasariya.gov.lk යන්නයි" සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කරන ලදී.
 
Related Posts with Thumbnails