Ads 468x60px

.

මර්වින්ට සිල්වා ඇමතිතුමාට ශ්‍රී රෝහණ වීර වික්‍රම සම්මානයක්

ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ උදේ 10 ට ගවයින් 100 දෙනකු නිදහස්‌ කිරීමේ පිංකමක්‌ද අද දින (05) මර්වින් සිල්වා ඇමතිතුමා විසින් සිදුකරන අතර එහිදී ඒ වෙනුවෙන් ශ්‍රී රෝහණ වීර වික්‍රම සම්මානයෙන් ඇමතිතුමා පිදුම් දීමට නියමිතය. පසුගිය මාර්තු මාසයේදී අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.

ඒ එතුමා විසින් සිදුකරනලද ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම,රුවන්වැලි චෙයිත්‍ය රාජයානන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන චෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්නලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන්වෙනුවෙනි. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය, බුදුදහම, ආයුර්වේදය පිලිබඳ ඇමතිතුමාට ඇති දැනුම ගැන පුදුමයට පත් ගීතාංජන මෙන්ඩිස් මහත්මයා තමා වෙත ආචාර්ය උපාධියක් ලබාදුන් බව ඔහු පසුගිය දිනක පුවත්පතකට හෙළිකොට තිබුණි.

මේ සා මුදල් කන්දරාවක් ඇමතිවරයෙකු අතට පත්වන්නේ කෙසේද කියා සොයාබැලීමකදී අපට හෙළි වුයේ මර්වින් සිල්වාගේ දිනක කප්පම් ආදායම ලක්ෂ පහ ඉක්මවන බවයි.
 
Related Posts with Thumbnails