Ads 468x60px

.

ඡන්දෙ දීලා අපේ සල්ලිවලින් පාටි දානවට මේවා හොඳ පාඩම්...

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පිළිගැනීම සඳහා පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයින් සම්මාදම් එකතු කොට පසුගියදා නාවල සෝලිස් ශාලාවේ පවත්වන්නට යෙදුනු උත්සවය අතරතුරදී නගරාධිපතිවරයා විසින් එම උත්සවය සංවිධානය කළ සංවිධායකයන් කිහිප දෙනෙකුට බීමතින් පහරදුන් බව වාර්තාවේ.

පදමට වෙරි වී සිටි සංවිධායකවරයෙක් පැවැසූ යම් දෙයකින් කෝපයට පත් වී ඇති නව නගරාධිපතිවරයා, සුදෝ සුදු ජාතික ඇඳුම කැහිපොට ගසා ගෙන උඩ පනිමින් පහර දුන් ආකාරය උත්සවයට පැමිණ සිටි සියල්ලන්ගේම පිළිකුළට භාජනය වී තිබේ. පහර කෑ පුද්ගලයින් ලේ පෙරාගෙන උත්සව ශාලාවෙන් පිට වී යමින් පවසා තිබෙන්නේ, ‘‘මේ වගේ එවුන්ට ඡන්දෙ දීලා, නගරාධිපති කරලා අපේ සල්ලිවලින් පාටි දානවට මේවා හොඳ පාඩම්...’’ යනුවෙනි.

ධීවර සංස්ථාවට අයත් පෑලියගොඩ මාළු වෙළෙඳ පොළ සංකීර්ණයේ ආරක්‍ෂාව භාරව කටයුතු කරන එරාජ් ප‍්‍රනාන්දු, ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දීර්ඝ කාලීන මිතුරෙකි. රාජිත සේනාරත්න මහතාගේ මග පෙන්වීම යටතේ දේශපාලනයට පිවිසුනු එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු, පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොදු පෙරමුණෙන් තරග කොට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් නගරාධිපති පදවියට පත්විය.

සිය නගරාධිපති තනතුරේ වැඩ භාර ගැනීමට නියමිත එරාජ් ප‍්‍රනාන්දුගේ මීළඟ ඉලක්කය දකුණු පළාත් සභාවේ මහ ඇමැති තනතුර බව ඔහුගේ මිතුරන් පවසති. නගරාධිපතිවරයාගේ නිල නිවස වශයෙන් සුඛෝපභෝගී බංගලාවක් ඔහුට හිමි වන අතර, එහි විශාල සාදයක් ද සංවිධානය කොට තිබේ.
 
Related Posts with Thumbnails