Ads 468x60px

.

දුමින්ද සිංගප්පූරු යැවීම නීති විරෝධීයි – හිරුණිකා බි.බි.සී.යට කියයි

පසුගියදා මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා විදෙස් ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට ගෙන යාම ගෙන යාම නීති විරෝධී බව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බි.බි.සී. විදුලියට ප‍්‍රකාශ කර තිබේ.

ඕනෑම වරදකරුවෙක් පළමුවෙන්ම පොලිස් අත්අඩංගුවට පත් විය යුතු බව පවසා ඇති ඇය ඔහු අසනීප වී රෝහල්ගත වී සිටියේනම් පොලිස් ආරක්ෂාව යටතේ සිටිය යුතු බවද පවසයි.විදෙස් ප්‍රතිකාර ගන්නේ මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත යා යුතු වුවත් එවන් සිදුවීමක් මෙහිදී සිදු නොවූ බවද ඇය කියා සිටී.හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය මේ වන විට විදේශගතව ඇතැයිද තොරතුරු ලැබේ.
 
Related Posts with Thumbnails