Ads 468x60px

.

අර්ජුනට අමීෂාව නැතිව චිත‍්‍රපටි කරන්න බෑ කියන්නේ බොරුවක්ලු

ජනපි‍්‍රය නිළියක් වන හපුආරච්චිගේ අමීෂා කාවින්දි පෙරේරා නැතිව අර්ජුන කමල්නාත්ට චිත‍්‍රපටි කළ නොහැකි බවට පැතිරී යන රාවය අසත්‍යක් බව අමීශා කියයි.තමාට හා අර්ජුනට හොඳ චරිතයකට ආරාධනා ලැබුණහොත් එය භාර ගන්නා බවඇය පවසන්නීය. අර්ජුන හා තමාගේ විවාහයට මෙතෙක් දිනයක් නියමවී නැති බව පවසන අමීෂා කෙසේවුවද තමා කවදා හෝ විවාහ වන්නේ අර්ජුන සමග පමණක් බව ද ශපථ කර සිටියි.


නර්තන ශිල්පිණියක් ලෙස මුලින්ම චිත‍්‍රපට ගීතවල පසුබිම් රංගනයට එකතුවූ අමීශා  කැරෝකී සංයුක්ත තැටිවල රූපරචනා සඳහා දායකවෙමින් ජනපි‍්‍රයත්වයට පත්වූවාය. නිශාන්ත වීරසිංහගේ ‘‘සඳ දෙව් දෝණි” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවමින් නිළියක් ලෙස කර ලියට පැමිණිනිශාන්ත විසින්ම අධ්‍යක්‍ෂණය කල ‘‘සඳාකල් ඔබ මගේ” චිත‍්‍රපටය සඳහාරංගනයෙන් දායක විය.


එසේම ‘‘ඩබල් ගේම්” චිත‍්‍රපටය හා රෝයිද සිල්වාගේ ‘‘සර් ලාස් චාන්ස්” හා ෆොප් රාඡ් අධ්‍යක්ෂණය කළ ”සුදු හංසි” චිත‍්‍රපටයටත් නිසාත් ඇය පේ‍්‍රක්‍ෂයන්ගේ ජනාදරයට පත්වූවාය. අර්ජුන කමල්නාත් අධ්‍යක්‍ෂණය කළ ‘ඉගිල්ලෙන්න ඇයි දගලන්නේ’ චිත‍්‍රපටය ඇය මෑතකදීම රංගනයෙන් දායක වූ චිත‍්‍රපටය වේ. ටෙලි නට්‍ය නිලියක ලෙස වැඩි ජනපි‍්‍රයත්වයක් නොලැබූ අමීෂා නිලංජනා හා කාව්‍යා ටෙලිනාට්‍යවල පුංචි චරිත කිහිපයක් සඳහා පණ පොවනු ලැබීය.
http://3.bp.blogspot.com/-X23h0WKuzTw/TZHX9nV3b1I/AAAAAAAABVc/sl3aNxLi35s/s1600/198962_202484799775853_100000430046358_665726_6121065_n.jpgPre_190287_202485373109129_100000430046358_665731_4200258_nPre_190287_202485366442463_100000430046358_665729_6625093_nPre_198962_202484806442519_100000430046358_665728_2463630_nPre_198962_202484796442520_100000430046358_665725_5265056_nPre_190287_202485376442462_100000430046358_665732_3050833_n[1930444448Ameesha+02.JPG][670632729Ameesha+01.JPG]
 
Related Posts with Thumbnails