Ads 468x60px

.

සංගක්කාරගෙන් ක්‍රිකට් දිවියේ 27 වැනි ශතකය


පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තුන්වැනි හා අවසන් ටෙස්ට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය අවසන් වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 245ක් ලඩා සිටී.සාජා පි‍ටියේ ටෙස්ට් තරඟයක් පැවැත්වෙන්නේ වසර 9කට පසුවය.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.කුමාර් සංගක්කාර අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 9000 සීමාව පසු කළේය.සංගක්කාර එම සීමාව පසු කළ ලොව 11වැනි පිතිකරුවා මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සීමාව පසු කළ දෙවැනි ක්‍රීඩකයා වේ.මේ අතර ඔහු සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 27වැනි ශතකය අද වාර්තා කළේය.අද දිනය නිමා වනවිට සංගක්කාර නොදැවී ලකුණු 112ක් ලබා සිටි අතර මහේල ජයවර්ධන නොදැවී ලකුණු 32ක් ලබා සිටී.
 
Related Posts with Thumbnails