Ads 468x60px

.

කොරියානු විභාගයෙන් ලකුණු 116 ත් 120 ත් අතර ධීවර ක්‍ෂෙත‍්‍රයේ රැකියා වරම්

පසුගියදා පවත්වන ලද කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයෙන් අඩු ලකුණු ලැබු අයඳුම්කරුවන්ටද එරට රැකියා ලබා දීම කෙරෙහි අවධානය යොමු වී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ඒ අනුව එම විභාගයෙන් ලකුණු 116 ත් 120 ත් අතර ලකුණු ලබා ගත් අයඳුම්කරුවන්ට මේ සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ඇත.

එහිදී ධීවර ක්‍ෂෙත‍්‍රරයේ යම් නිපුණතාවයක්  ලබා  තිබීම ඉතා වැදගත් වන බවද විදේශ  සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.
විදේශ  සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත‍්‍රික් කාර්යාල වලින් විමසීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවත් එම කාර්යාංශය දැනුම් දේ.
 
Related Posts with Thumbnails