Ads 468x60px

.

ශ්‍රි ලංකාවේ පළමුවතාවට සයිබර් හැකර් වරයෙකු අත්අඩංගුවට

විදෙස් රටවල අන්තර්ජාල ඔස්සේ සිදුකරන වංචා සහගත ක්‍රියා සුලබ බැවින් ඒවා මැඩලීමට විශේෂ ඒකකයක් සයිබර් ක්‍රයිම් යුනිට් නමින් පිහිටුවා තිබේ.ලංකාවේ ද එවැන්නක් ස්ථාපිත කිරීමට කාලය එළඹ ඇත්තේ අන්තර්ජාලය තුලින් සිදුවන අපරාධ දිනෙන් දින ඉහල යන බැවිනි.ලංකාවේ අන්තර්ජාලය තුලින් අපරාධ සිදු වුවත් ඒ කිසිවෙකු නීතියේ රැහැනට හසුකරගැනීමට හැකියාව ලැබුනේ නැහැ.


පසුගියදා රහස් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ශ්‍රිලංකාවේ පළමුවතාවට සයිබර් හැකර් වරයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුනා.ජාවා තාක්ෂණික ආයතනයේ (IJTS ) පරිගණක පද්ධතියට ඇතුළු වී එහි දත්ත සොරාගැනීමක් පිලිබඳ ජාවා තාක්ෂණික ආයතනයේ සභාපතිවරයා වන ක්‍රිශාන්ත සිරිබද්දන මහතා විසින් රහස් පොලිසයට පැමිණිල්ලක් සිදුකොට ඇත.ඒ අනුව දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ රහස් පොලිසිය විසින් එම දත්ත සොරකම් කල මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වුනා.

ඔහු විසින් මෙම සොරකම් කල දත්ත ලබාදී තිබුනේ මාලබේ තොරතුරු තාක්ෂණික ආයතනයේ (SLIIT ) සිසුවෙකු වන වෙතය.ඒ අනුව ඔහුද පොලිස් අත්අඩංගුවට පත්විය. විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනාම ජාවා තාක්ෂණික ආයතනයේහි පැරණි සිසුන් වීමයි. මොවුන් දෙදෙනා කොළොඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අතර රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලදී.ඔවුන් පිලිබඳ නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස කැඳවීමට නියමිතයි.
 
Related Posts with Thumbnails