Ads 468x60px

.

නිල්ල සොයා සහ කෝරෙක්ස් ඩී, මත්ලෝලීන් අතර ජනපි‍්‍රයත්වයට

පවතින මත්කුඩු වල මිල ඉහල වීමත් හා ඒවා දුලභ වීමත් නිසා කුඩු ශරීර ගත කිරීමට නොහැකිව වියරු වැටි ගෙළවැළලාගෙන සහ දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ.මෙවන් මරණ තුනක් පසුගිය දින කිහිපය තුල ගල්කිස්ස, රත්මලාන සහ පාණදුර ප්‍රදේශයන්වලින් වාර්තා වුනා.

හෙරොයින් වලට ආදේශක ලෙස මේ දිනවල නැවතත් "නිල්ල සොයා" නම් රුපියල් දහසකට ආසන්න අධික මිලකට අලෙවි වන ඖෂධයක් මේ වන විට නැවත මත්ලෝලීන් අතර ජනපි‍්‍රය වී ඇත. කැස්සට ගන්නා කෝරෙක්ස් ඩී නම් සිරප් එකද විශාල ලෙස මේ දිනවල අලෙවි වන බවත් ඖෂධ අධිකාරිය පවසනවා. මේ අතර, මේ දිනවල කුඩු පැකට්ටුවක ඉතා ඉහළ ගොස් ඇති බැවින් කුඩු බීම සඳහා මුදල් හිඟයකට මුහුණ පෑ කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඞ් සදීක් එම්. ලාසර් නම් පුතෙක් හැත්තෑ එක් හැවිරිදි මවගේ නහයේ මුදුව ගලවා ගැනීම සඳහා බෙල්ල මිරිකා තිබෙනවා.

මෙම පුද්ගලයා රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තුමිය නියෝග කළ අතර මේ සිද්ධිය ගැන ඇය තම බලවත් කම්පාව ද පළ කළා.
මත්කුඩු ජාවාරම් කරන යම් පුද්ගලයන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ වූ දුරකතන අංකයක් වෙන්කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසනවා. මත්කුඩු ජාවාරම් පිළිබඳ තොරතුරු දන්නේ නම් එම දුරකථන අංකය වන 011-2431428 ට දැනුම් දෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, කොළඹ මත් ජාවාරම්කරුවන් කොටුකර ගන්න මහා පරිමාණ මෙහෙයුම් අරඹා ඇති බව බව ඊයේ දිනමිණ පුවත්පත වාර්තා කළා.
මොවුන් කවුරුන් වුවත් ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති ඇන්. කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දී ඇති බවත් එම පුවත්පත වාර්තා කළා.

නමුත් කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" නම් තමන්ගේ සගයෙකු අත් අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට දිගින් දිගට දුරකථනයෙන් කතා කරමින් අත්අඩංගුවට ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අහිංසකයකු බව කියමින් ඔහු මුදාහරින ලෙස බලපෑම් කළේද දුමින්ද සිල්වාය. මීට පෙර ඉන්දියාවේ කේරලයේ සිට ලංකාවට ගෙන ආ ගංජා තොගයක් පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය විසින් වටලද්දී ඊට සම්බඳ පිරිස් පැන ගියේද දුමින්ද සිල්වාට අයත් ජීප් රියකිනි. මීට පෙර එක්ටසි නම් මත්ද්‍රව්‍යා පෙති ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධවී සිටින්නේ මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාය.

ඔවුන්ට විරුද්ධව මේ වනතෙක් පරීක්ශණයක් ආරම්භ වී හෝ මේ වන තෙක් රටේ නීතිය ක්‍රියාත්මක වී නැහැ. මීගමුවේ ලංසා කුඩු ව්‍යාපාරිකයෙකු බවත්, ඔහුගේ නිවසේ කුඩු තිබෙන බවටත් ලද ඔත්තුවකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට ආරක්ෂක හමුදාව ගිය විට එයට සමාව ගැනීමට පෙරමුණ ගෙන ගිය ගමනට ජනාධිපතිවරයා සමඟ මර්වින් සිල්වාද සහභාගී වුන.
 
Related Posts with Thumbnails