Ads 468x60px

.

දුමින්ද රෝහලින් නිදහස්‌ කිරීමට තරම් සුවයක්‌ ලබා නැතිලු

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලෙන් රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය උපදෙස් නොතකා බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මුල්ලේරියාව වෙඩි ප‍්‍රහාරයේදී හිසට සිදුවූ තුවාලවලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඥාතීන් විසින් ඔහු නොවැම්බර් 01 වැනිදා සිංගප්පූරුවට රැගෙන යනු ලැබීය.

කෙසේ වෙතත්, ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල විසින් මන්තී‍්‍රවරයා මුදාහැර නොමැති බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.ඔහු මුදා හැරීමට නියමිතව තිබුණේ සම්පූර්ණයෙන්ම සුව වීමෙන් පසුව පමණක් බව එම ආරංචි මාර්ග පවසයි.ඔහු රෝහලින් නිදහස්‌ කිරීමට තරම් සුවයක්‌ ලබා නැතැයි රෝහල් වෛද්‍යවරු දුන් උපදෙස්‌ පවා නොතකා ඔහුගේ සමීප ඥතියකු විසින් මෙලෙස රෝහලෙන් ඔහුව  රැගෙන ගොස්‌ ඇත.වෛද්‍ය උපදෙස්‌වලට පටහැනිව  තමුන් මෙම පියවර ගත් බව සමීප ඥාතීන් රෝහලේ පොතක සටහන් තබා ඇත.

දුමින්ද සිල්වා මහතා රැගෙන ගිය ගිලන් රථය සමඟ තවත් ගිලන් රථ 03 ක්‌ රත්මලාන ගුවන් තොටුපොළ දක්‌වා ගමන් කර ඇති අතර ආරක්‍ෂක හෙලිකොප්ටර් යානාවක්‌ ඉහළ අහසේ පියාසර කර ඇත.අර්ධ සිහියෙන් පසුවෙන දුමින්ද සිල්වා මහතාට ආහාර ස්‌වල්පයක්‌ ගත හැකි වුවද කතා කිරීමට තවම හැකියාවක්‌ නැතැයි වාර්තා වේ.මෙතෙක්‌ ලැබූ වෛද්‍ය ප්‍රතිකාර අනුව ඔහුට ටික දුරක්‌ ඇවිද යැමට මෑත දිනවල හැකි වී තිබේ.කෙනෙකු හඳුනා ගැනීමට ඔහුට හැකියාවක්‌ ඇතිද යන්න පැහැදිලිව කිව නොහැකි නමුත් බැලීමට එන කවුරු හෝ දෙස ඔහු බලාගෙන සිටී.

වෛද්‍ය ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ දැන් කළ යුත්තේ රෝගියා පුනරුත්ථාපනය කිරීම නිසා එම කාර්ය සපුරා ගැනීම සඳහා විදේශ රටකට ගෙන යන්නට ඇති බවයි.මේ අතර දුමින්ද සිල්වා මහතාගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකි තත්ත්වයක්‌ උදා වූ විගස ඔහුගෙන් ප්‍රකාශයක්‌ ලබා ගන්නා බව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ (2 වැනිදා) ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මන්ත‍්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් පත‍්‍රය මුල්පිටුවේ වාර්තා කෙළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලේ සිට රත්මලාන ගුවන්තොටට විශේෂ ගිලන් රියකින් රැගෙන ගිය බව ද එහි සිට හෙලිකොප්ටරයකින් කටුනායකට රැගෙන ගිය බව ද කියති. ඔහු රැගෙන ගිය වාහන පෙළට වාහන විස්සක් ද ගිලන් රිය හතරක් ද ඇතුළු වූ බව වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පියාත්, සොහොයුරාත් ඔහු සමග සිංගප්පුරුවට ගියහ. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලට ඇතුළු කරනු ලැබීය.
 
Related Posts with Thumbnails