Ads 468x60px

.

දුමින්ද සිංගප්පූරුවට ගිය ගුවන් යානයට ඇමරිකානු ඩොලර් 30,000 ක්

දුමින්ද මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ, ‘එයාර් ඇම්බියුලන්ස්’ පෞද්ගලික ගුවන් යානයකින් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.දුමින්ද මන්තී‍්‍රවරයා සමග ඔහුගේ පියා වන ලාල් ද සිල්වා, සොයුරු රේනෝද සිල්වා මෙන්ම, විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සාත්තු සේවිකාවන් දෙදෙනෙකුද එම ගුවන් යානයෙන් පිටව ගොස් තිබේ.

මෙම පෞද්ගලික ගුවන් යානය එම ගමන සඳහා වෙන් කර ගැනීමට ඇමරිකානු ඩොලර් 30,000 ක් ගෙවා ඇත. දුමින්ද මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස විදේශ ගතවීම සඳහා 01 පෙරවරුවේ රේනෝද සිල්වා මහතා විසින් ‘කැලැසික් ට‍්‍රවල්ස්’ සමාගම හරහා ගුවන් ටිකට්පත්ද වෙන් කරවාගෙන තිබී ඇත.

දුමින්ද මන්තී‍්‍රවරයා සමග ගුවන් තොටුපොළට ඇතුළු වූ පිරිස් එම පෞද්ගලික ගුවන් යානාව අසලට රැගෙන ගොස් ඇත්තේ අති විශේෂ ප‍්‍රභූ (VVIP) පර්යන්ථය හරහාය. අදාළ පිරිස ස්ථානයට එන විට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම විදේශ ගමනට අදාළ සියලූ ලිපි ලේඛණ සකසා ගෙන එම ස්ථානයේ සිට ඇති අතර, එම ගුවන් යානයට බඩු භාණ්ඩ පටවා ඇත්තේද කිසිදු රේගු පරික්‍ෂාවකින් තොරවය.
 
Related Posts with Thumbnails