Ads 468x60px

.

පෘථිවිය ආසන්නයට දැවැන්ත ග්‍රහක අංශුවක් - නාසා

ලබන අඟහරුවාදා දිනයේ විශාල ප‍්‍රමාණයේ ග්‍රාහක අංශුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව ඇමෙරිකා විද්‍යා පදනම සඳහන් කරයි. ග්‍රිනීච් වේලාවෙන් සවස 6.28ට මෙය සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මෙම ග්‍රහක අංශුව අඩි 1312ක විශාලත්වයකින් යුක්ත වන අතර එය පෘථිවියට සැතපුම් 201,000ක් ආසන්නයෙන් ගමන් කරනු ලැබේ.


1976 වර්ෂයට පසුව මෙවැනි වස්තුවක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවක් ලෙස මෙයයි.පෘථිවිය හෝ චන්ද්‍රයාට මෙයින් කිසිදු හානියක් හෝ බලපෑමක් සිදුවීමට ඇති ඉඩකඩ අවම බව නාසා ආයතනය සඳහන් කර සිටී.
 
Related Posts with Thumbnails