Ads 468x60px

.

පිටිදූවේ ස්වාමීන්වහන්සේට කොහෙන්ද මේ සා මුදලක්?

පිටිදූවේ සිරිධම්ම හිමියන් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්ත්වයන්ට පත්වීමෙ න් පසු උන්වහන්සේ තමන්ගේ නම සිරි සමන්තබද්‍ර ලෙස වෙනස් කරගත් බවත්, ඊට පෙර පසු උන්වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා සිවු නමකට ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස අභියෝග කළ පුවතත් අප ඔබට ගෙන ආවා.රන්දිව පුවත් පතට සමඟ අලුතෙන්ම පැවති සාකච්ජාවකින් උන් වහන්සේ තම සදහම් අසපුව හා උන් වහන්සේගේ මුදල් ගැන ගැන විස්තරයක් හෙළි කරලා තිබෙනවා.


ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මීට පෙර පැවසුවා මේ ආශ්‍රමය මිලදී ගත්තායින් පසු එක්තරා කාන්තාවක් පැමිණ මෙම ආශ්‍රමයේ ඉඩම ඇයට අයිති යැයි පැවසූ. මේක ඔප්පු කරන්න සාක්ෂිත් ඔබ වහන්සේ සතු බව පැවසුවා

ඔව් පැහැදිලිවම. අපි දැනගන හිටියේ නෑ ඒ වෙනකම්ම මේ ඉඩම වෙනත් කෙනෙකුට පැවරූ බව. මේ කාන්තාව එංගලන්තයේ ඉඳන් ආවා කියාගන ඇවිත් "කිරම හාමුදුරුවන්ට නෙවෙයි මේ ඉඩම අයිති මටයි, මම ලබන මාසේ පදිංචියට එනවා" කිව්වා. ඒ වෙනකොට අපි ලක්ෂ 50ක් 60ක් ගෙවලයි තිබුනේ
පස්සේ මම ඒ කාන්තාවගෙන් ඇටෝනි බලපත්‍රයක් ගත්තා. අපිට ඉඩම ලියනකොට ඇටෝනි බලපත්‍රයකින් ඉඩම පවරගත්ත බලයකින් තමා සාංඝික ඔප්පුවක් වශයෙන් පැවරුවේ. ඒ ඇටෝනි බලපත්‍රයත් මම ලඟ තියනවා.

කිරම හාමුදුරුවෝ මේ ඉඩම අර කාන්තාවට පවරලා ලියපු ඔප්පුවේ මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 15ක් නියම කරලා තියනවා. නමුත් අපේ ඔප්පුවේ තියෙන්නේ මේ ඉඩමේ වටිනාකම ලක්ෂ 450ක් කියලා. දැන් මම දැක්කා එක වෙබ් අඩවියක මෙයා දාලා තියනවවා මේක ලක්ෂ 600ක් වටිනවා කියලා.මුලින් ට අපි ලක්ෂ 200ක් ගෙව්වා. ඒ දුන්නේ වතාවෙන් වතාවට ලක්ෂ 10, 5, 8 වශයෙන්. දැන් උන් වහනසේ කියනවා මේ ඉඩම ලක්ෂ 600ක් වටිනවලු. උන් වහන්සේට ශාසන හැනඟීමක් තියනවා නම් ලක්ෂ 600ක් වෙන ඉඩම මොන මඟුලකටද ගෑනියෙකුගේ නමට ලිව්වේ.

මේක අද පරම්පරාබූදලයක් කරගන. ඔක්කොම දේපල යවන්නේ පරම්පරාවෙන් පරම්පරාවට. එතකොට බලන්න පංසල් වල උපසම්පදාව කියන්නේ මොකක්ද? නීත්‍යානුකූල බූදලයට හිමිකාරයෙක් හොයනවා. ඔය ලොකු ලොකු පංසල් වල හාමුදුරුවරුන්ගේ නම විතරයි, ගම ඔක්කොම එකයි. එතකොට තේරෙන්නේ නැද්ද කවුරු හරි තමන්ගේ පුතෙක් නෑදෑයෙක් ගෙනල්ලා මහන කරලා බූදලේ පවරනවා. දැන් මෙතන තියෙන්නේ ගිහි සමාජයක්ද පැවිදි සමාජයක් ද? මෙතන තියෙන්නේ ගිහි සමාජයක් ඇඳුම විතරයි වෙනස්.
මම මේ කියන්නේ පැවිදි ජීවිතය තුළ අවුරුදු එකොලහක් ඉඳලා. දෙවරක් උපසම්පදාව ලබලා. ගිහි ජීවිතය තුළ අවුරුදු 26ක් ඉඳලා.

අපි දන්නවා මිනිස්සු කණ්ඩායමක් එකතුවුනාම මොනාද කතා කරන්නේ. විවිද දේවල් කතා කරනවනේ. භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් කතා කරන්නේ මොනවා ගැනද? මට කවදාවත් අහිලා නෑ ඔවුන් ධර්මය ගැන කතා කරනවා.

ස්වාමින්වහන්ස, මෙතන භික්ෂූන් වහන්සේලා දෙනමක් අතර මුදල් ගනුදෙනුවක් සිදුවෙලා තියනවා. ඒකත් සුළුපටු ගානක් නෙවෙයි කෝටි ගානකින්. ඔබ වහන්සේ කිරම විමලජෝති ස්වාමීන් වහන්සේට ලක්ෂ 200ක් දෙනවා. පිටිදූවේ ස්වාමීන්වහන්සේට කොහෙන්ද මේ සා මුදලක්?


අපිට අවුරුදු 3ක් තිස්සේ විවිධ දායකයෝ දීපුවා. විවිධ අයගෙන් එකතු කරපුවා. ඊලඟට සමහර මිනිස්සු මාව දැක්ක ගමන් ලක්ෂ 10-100 හිටපු ගමන් දෙනවා. මේ ඉඩම ඔබ වහන්සේ තියාගන්න. එතකොට පුළුවන් මේක විකුණලා මේ ඉඩම ගන්න කියලා. ඒ විදිහට පොඩ්ඩ පොඩ්ඩ එකතු කරලා තමයි ඔය ලක්ෂ 200 හොයලා දුන්නේ.

මේ ඉඩම ගත්තට පස්සේ ගොඩනැඟිලි හදලා මේ විදිහට ආරාමය නිර්මාණය කරන්න කෝටි 25ක් 30ක් විතර වියදම් කරලා තියනවා. දැන් ලෝකේ ඕනෑම කෙනෙක් මෙතැනට ආවොත් තැනක් නැතුව හොඳට ඉඳගන ධර්මය අහලා කෑම බීම ටික අරගන යන්න පුළුවන්. මෙතන වැසිකිළි කැසිකිළි පහසුකම් වුනත් ඉතාම නවීන පන්නයට සකස් කරලා තියනවා සියළු අවශ්‍යයතා වලින් සම්පූර්ණ කරලා ඉවරයි. සසුන වෙනුවෙන් වියදම් කළා වෙන මොකක්වත් කරලා නෑ. කවුරු හරි කියනවා නම් මගේ එකවුන්ට් එකේ සල්ලි තියෙයි කියලා, මම කියනවා ඕන කෙනෙක් ඇවිත් බලන්න හරියටම එකවුන්ට් එකේ තියෙන්නේ රුපියල් 195 යි ශත 10යි

ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මේ ලක්ෂ 200 දෙන්නේ තවත් භික්ෂූන්වහන්සේ කෙනෙකුට. භික්ෂූන් වහන්සේ කෙනෙකුට මේ තරම් ධනස්කන්දයක් මොකටද?

ඒක තමයි මටත් තියන ප්‍රශ්නය.මොකටද එච්චර ගොඩ ගහන්නේ? කෝ ඒවායින් කරන වැඩ? අඩුම තරමින් උන් වහන්සේගේ පංසලේ ත්‍රිවිධ චෛත්‍ය වත් නෑ.
මෙතන කරන්නේ බිස්බන් එකක්. පොත් විකුණනවා. කවුරු හරි පොතක් ලිව්වොත් ඒක සල්ලි දීලා අරගන අච්චු ගහලා විකුණනවා. මෙතනින් එහාට යමක් මට පේන්නේ නෑ. ඉස්සර අපිත් එක්ක හිතවත්ව හිටියා. නමුත් අපි මෙහේ බුදු මැදුරක් හදපු දා ඉඳලා අපිත් එක්ක විරසකයි.

දැන් ඔබට තේරෙනවද මේ ගොල්ලන්ගේ තියන ශාසන මාමකතවයේ තරම. අපිට මේවගෙන් වැඩක් අනෙ. නමුත් මතක තියාගන්න ඕඅන වීදුරු ගෙවල් වල ඉඳගන ගල් ගහනකොට ගහන අයටයි වීදුරු ගෙවල් ඇතුලේ ඉන්න අයටයි ඔක්කොටම වදිනකොට රෙදි ගැලවිලා වැටෙන බව.
 
Related Posts with Thumbnails