Ads 468x60px

.

හෙට අලුයම 4.58ට ශ්‍රී ලාංකිකයින්ට උදාවන දුලභ අවස්ථාව


පෘතුවියට ඉහළ අහස හරහා ගමන් කරන ග්‍රහ වස්තුවක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් ඇතුළු ලෝකවාසින්ට හෙට අලුයම උදාවේ.කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න පැවසුවේ, හෙට අලුයම 4.58ට මෙය ශ්‍රී ලාංකිකයින්ට බලා ගත හැකි බවයි.
මීට පෙර මෙවැනි ග්‍රහ වස්තුවක් පෘතුවියට ඉහළ අහස හරහා ගමන් කර ඇත්තේ 1976 වසරේදීයි.පෘතුවිය හා චන්ද්‍රයා අතරින් ගමන් කරන මෙම ග්‍රහ වස්තුවේ ගමන් මාර්ගය නිරීක්ෂණය සඳහා දුරේක්ෂයක් භාවිත කළ යුතු බව ද ජයරත්න මහතා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails