Ads 468x60px

.

සිරිධම්ම හිමිගේ ආශ්‍රමය භික්ෂූන් පිරිසක් වටලයි

කලකට ඉහතදී විද්‍යාවේදී පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව සිට පසුව සිරි සමන්තභද්‍ර ලෙස තමා හඳුන්වාගත් ස්වාමීන් වහන්සේගේ බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට සවස භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකරවීමත් සමග නොසන්සුන් කාරී තත්ත්වයක් උද්ගතව තිබේ. උන්වහන්සේ විසින් පසුගියදා පූජ්‍ය දොඩම්පහල රාහුල,පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද,පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනකුට ප්‍රසිද්ධ ධර්ම කතිකාවකට එක්වන ලෙස අභියෝග කළ බවට වාර්තා විය.
අද සවස පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් යම් ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට වැඩමකරවීමත් සමග සිරිධම්ම හිමිගේ දායක පිරිස් උන්වහන්සේලා සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බව කියැවෙයි. කෙසේ වෙතත් මේ අවස්ථාවට පොලීසිය මෙන්ම මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය,ආචාර්ය මර්වින් සිල්වා මහතාද පිරිසක් කැටුව පැමිණ ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

පිටිදූවේ සිරිධම්ම හිමියන් වැඩ වාසය කරනා විහාරස්ථානයේ අයිතිය,ඉඩම් ගනුදෙනු මෙන්ම තවත් පුද්ගලික කරුණා කාරණා රශියක් හේතුවෙන් පසුගිය දිනවල බොහෝ කටකතා පැතිර ගොස් තිබුණු අතර උන්වහන්සේ ද දිගින් දිගටම පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා තවත් ‍භික්ෂූන් දැඩිව විවේචනය කර තිබුණි.
කෙසේවෙතත් අද කළ විමසීමකදී පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙණේ විද්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය මැද‍ගොඩ අභයතිස්ස හිමියන් කියා සිටියේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහිදී මින් ඉදිරියට ථේරවාදී බුදු දහමට අනුව කටයුතු කරන බවටත්,ධර්ම ප්‍රචාරයේදී අසත්‍ය හා මිථ්‍යාවන් දේශනා කිරීමට කටයුතු නොකරන බවටත්,සෙසු භික්ෂූන් වහන්සේලාට එරෙහිව මඩ ප්‍රචාර දියත් නොකරන බවටත් පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිව හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් පොරොන්දු වූ බව රාජකීය පණ්ඩිත ආචාර්ය මැද‍ගොඩ අභයතිස්ස හිමි වැඩිදුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails