Ads 468x60px

.

අසත්‍ය පුවත් පලකරන වෙබ් අඩවි වසා දමනවා – ගනේගල

ද්වේෂ සහගත අසත්‍ය ප‍්‍රචාර ගෙනයන වෙබ් අඩවිවල විද්‍යුත් ප‍්‍රවේශ මාර්ග වැසීමට සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය අනතුරු අගවයි.
අන්තර් ජාලය නිර්දෝෂී පුද්ගලයන්ට මඩ ගැසීමේ බලපත‍්‍රයක් ලෙස භාවිත නොකළ යුතු බවත් දිගින් දිගටම අසත්‍ය කරුණු ගොතමින් පුද්ගල චරිත ඝාතනයේ නිරත වු වෙබ් අඩවියක ප‍්‍රවේශ මාර්ග පසුගියදා වසා දැම්මේ එම හේතුවෙන් බවත් අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් බී. ගනේගල මහතා කියා සිටී

නිදහස් පුරවැසි මාධ්‍ය කලාව සාවද්‍ය ලෙස භාවිතයට ගැනීම වැලැක්වීම එහි අරමුණ ද පවසන ඒ මහතා පසුගියදා මෙරට ක‍්‍රියාත්මක වීම අත්හිටුවන ලද එංගලන්තයේ සිට මෙහෙයන වෙබ් අඩවියක් සහ චැනල් ෆෝ නාළිකාව සමඟ ශ‍්‍රී ලංකාවට එරෙහි අසත්‍ය ප‍්‍රචාර නිර්මාණය කරන්නන්ට සෘජුවම සහාය වී ඇති බවද කියා සිටී. මෙම වෙබ් අඩවියේ වගකිව යුතු කිසිවෙකු හෝ ලිපිනයක් හෝ ශ‍්‍රී ලංකාවේ නොමැති බැවින් මෙම වෙබ් අඩවියට එරෙහිව නඩු පැවරිය නොහැකි බව පෙන්වා දෙන ගනේගල මහතා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්ති තූලින් අසාධාරණයට ලක්වුවන්ට නීතිමය පිළිසරණයක් ලබාගැනීමට නොහැකි බැවින් රටතුළ කිසියම් පුවත්පතකින් හෝ වෙබ් අඩවියකින් ප‍්‍රවෘත්ති පළකරන්නේනම් ඒවා ලියාපදිංචිවීම අනිවාර්ය විය යුතු බවද කියා සිටී.
 
Related Posts with Thumbnails