Ads 468x60px

.

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ල කෑම්වලට අත්අඩංගුවට

නැඟී එන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නළුවෙකු මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට සැක පිට කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මොහු කිරිබත්ගොඩ ප්‍රදේශයේ විදේශ රැකියා ආයතන හිමියෙකු පොලිස් නිලධාරියෙකු ලෙස වෙස් වළා ගනිමින් පැහැර ගැනීමට උත්සාහ දරද්දී මෙසේ පොලිස් ග්‍රහණයට ලක් වී ඇති අතර මෙම පුද්ගලයා මෙසේ පොලිස් නිල ඇඳුමින් සැරසී තවත් අපරාධ රාශියක නිරත ව ඇති බව පරීක්ෂණවල දී අනාවරණ වී ඇත.සැකකරු මේ දිනවල ඉන්දියානු චිත්‍රපටයකට ද රංගනයෙන් දායක වන බව වාර්තා වේ.

මහා පරිමාණ අපරාධ රැසකට සම්බන්ධ කල්ලියක් මෙහෙය වූ මේ නළුවා සමඟ තවත් පුද්ගලයන් තිදෙනෙකුද අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියකු ලෙස රඟපාමින් මොහු කප්පම් ගැනීම් හා පැහැර ගැනීම් කර ඇත. ඔහුගේ කල්ලියේ සෙසු පිරිස මත්කුඩු ලෝලීන් වන අතර සියලු දෙනාම බොරැල්ල වනාතමුල්ලේ පදිංචිකරුවෝ වෙති.මේ කප්පම් කල්ලිය පසුගිය සැප්තැම්බර් 29 දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් තිබේ.

එම ව්‍යාපාරිකයා බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 16 ක් ණය වී තිබුණි.ව්‍යාපාරිකයා පැහැර ගෙන ගොස් හිඹුටානේ නිවසක ඉහළ මාලයේ පිහිටි වධකාගාරයක වධහිංසා පමුණුවා රුපියල් ලක්ෂ 16 ණය මුදල ඉල්ලා ඇත.ඒ සඳහා දින 03 ක කාලයක් ව්‍යාපාරිකයා ඉල්ලා තිබිණි. කප්පම් මුදල දෙන තෙක් ඔහුගේ මෝටර් රථය කප්පම් කල්ලිය පැහැර ගෙන ගොස් තිබේ.කප්පම් කල්ලිය ලබාදුන් රුපියල් ලක්ෂ 16 මුදල බැංකු ගිණුමකට බැර කළද පැහැර ගත් මෝටර් රථය නැවත ලැබී නැත.

ඉන් පසුවද කප්පම් කල්ලිය වරින් වර ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ ගණන් මුදල් ලබා ගෙන තිබේ.
පොලිසියට ඊයේ කොටු වී ඇත්තේ ව්‍යාපාරිකයාගෙන් ලක්ෂ 5 ක මුදලක් ලබා ගනිද්දීය. ප්‍රධාන සැකකරු කාලයක් යුද හමුදාවේ සේවය කර තිබේ. ඔහු චිත්‍රපටිවල රඟපාන්නේ පොලිස් නිලධාරීන්ගේ චරිත බව කියයි.
 
Related Posts with Thumbnails