Ads 468x60px

.

පිටිදුවේ සිරිධම්ම හිමියන්ට පොලිස් ආරක්ෂාව

බොරලැස්ගමුව, බෙල්ලන්තොට පිහිටි පිටිදුවේ සිරිධම්ම හිමියන් මුලිකත්වය දරන සිරි සදහම් ආශ‍්‍රමය වෙත පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.කලකට ඉහතදී විද්‍යාවේදී පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි නමින් පෙනිසිට සිට පසුව සිරි සමන්තභද්‍ර ලෙස තමා හඳුන්වාගත් ස්වාමීන් වහන්සේගේ බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට ඊයේ(07) සවස භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩමකරවීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වි ඇත.
උන්වහන්සේ විසින් පසුගියදා පූජ්‍ය දොඩම්පහල රාහුල, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද, පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනකුට ප්‍රසිද්ධ ධර්ම කතිකාවකට එක්වන ලෙස අභියෝග කර ඇත.ඒ අනුව ඊයේ සවස පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ  පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයට වැඩමකර තිබේ.

එසේ  ආශ‍්‍රමය වෙත සිවිල් පිරිසක් සමග පැමිණි ස්වාමින් වහන්සේලා 40 නමක් පමණ බලෙන් ඇතුල්වී පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ ක්‍රියාකලාපය හා දර්ශනයට විරුද්ධව විවිධ මත ප්‍රකාශ කිරිම හේතුවෙන් දෙපාර්ශවට අයත් ස්වාමින් වහන්සේලා හා දායකයන් අතර ගැටලුකාරි තත්තවයක් හටගෙන ඇති බව වාර්තාවේ. අවස්ථාවට  මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය, මර්වින් සිල්වා මහතාද පිරිසක් කැටුව පැමිණ ඇත.

එහිදී නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාගේ  නියෝග පරිදි පොලිස් නිළධාරින් යොදවා පිරිස සන්සුන් කර , ඇතිවු ගැටලුකාරි තත්වය නිරාකරණය කර ගැනිම සදහා සාකච්ජා පවත්වා මෙම ගැටුම්කාරී තත්වය සමනය කර තිබේ.කෙසේවුවද, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි නොහොත්  සිරි සමන්තභද්‍ර හිමියන්ට මේවනවිටත් පොලිස් ආරක්ෂාව ලබාදී ඇත.
 
Related Posts with Thumbnails