Ads 468x60px

.

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වගකිවයුතුයි

ලෝ පතළ පොප් ගායන ශිල්පි මයිකල් ජැක්සන්ගේ මරණයට ඔහුගේ වෛද්‍යවරයා වූ කොන්රාඩ් මුරේ වගකිවයුතු බවටත්,වෛද්‍යවරයාගේ නොසැලකිල්ලෙන් මෙම මරණය සිදුවී ඇති බවටත් අධිකරණය විසින් තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. මයිකල් ජැක්සන්ගේ වෛද්‍යවරයා ඔහු මිය ගොස් මොහොතකින් වෛද්‍ය ආම්පන්න ඉවත් කිරීම සඳහා තමාට උපදෙස් දුන් බව මයිකල් ජැක්සන්ගේ ආරක්ෂක නිළධාරියා අධිකරණය ඉදිරියේ සාක්ෂිදෙමින් පවසා තිබේ.
එසේ වුවද මයිකල් ජැක්සන්ගේ මරණය සිදුවීමට හේතුවූවා යැයි සැක කෙරෙන ප්‍රොපෝෆොල් නම් ඖෂධය තමන් මයිකල් ජැක්සන්ට ලබා දුන් බව වෛද්‍ය කොන්රාඩ් මුරේ තමන් සමඟ නොපැවසූ බව වෛද්‍යවරයාගේ සහායකයා පවසා තිබේ. වෛද්‍ය මුරේ විසින් මයිකල් ජැක්සන් මිය යාමට ප්‍රථම වේදනා නාශක කිහිපයක් , ප්‍රොපෝෆොල් නම් ඖෂධය ආදී ඖෂධ වර්ග කිහිපයක් ලබා දී තිබෙන බවත් ජැක්සක්ට ප්‍රොපෝෆොල් ලබා දුන් බව අනිසි ලෙස සැඟවීමට තැත් කළ බවත් පැමිණිල්ල විසින් චෝදනා කර තිබිණි.
නඩු විභාගය අවසානයේ පැමිණිල්ලේ කරුණු සනාථකරමින් වෛද්‍ය කොන්රාඩ් මුරේ වරදකරු බවට තීන්දුවී තිබේ.
 
Related Posts with Thumbnails