Ads 468x60px

.

අනාථ දරුවෙකුවූ සාර්කෝස් නොම්මර එකේ සුරූපිණිය වෙයි

ලන්ඩනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති 2011 ලෝක රූ රැජිණ තේරීමේ තරගයේදී කිරුළු පැළඳි වෙනිසියුලාවෙන් පැමිණි ඒ සුරූපිණියගේ නම ඉවියන් සාර්කෝස්. සිය දෙමව්පියන් මිය යාම නිසා වසර අටේදී ඇය අනාථ දරුවෙකු බවට පත්ව තිබෙන අතර පසුව පූජකවරියක වීමට සිතා සිටි බව අනාවරණය වේ.ලෝක සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනාගත් මෙම තරගය ඉරිදා පැවති අතර ලොව නන් දෙසින්පැමිණි රූමතියන් 113 දෙනෙකු මෙයට සහභාගී වී සිටි බව ප්‍රංශ පුවත් සේවය පවසනවා. රෝස පැහැති නෙත් සිත් පිනවන ඇඳුමකින් සැරසී මෙම තරගයට සහභාගී වූ 22 හැවිරිදි වෙනිසියු ලාවේ රූ රැජිණ එහිදී කාගේත් අවධානය දිනාගත් බව සඳහන්. 


රූ රැජිණ ලෙසින් අභිෂේක ලැබීමෙන් පසුව සාර්කොස් පවසා තිබෙන්නේ තමා මෙම ජයග්‍රහණයෙන් අතිශය උද්දාමයට පත්වන බවයි. 

 
 
Related Posts with Thumbnails