Ads 468x60px

.

ශී‍්‍ර ලංකා ටෙලිකොම්ට අපගේ ස්තූතිය !

අද (05) දින සිට හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වෙබ් අඩවිය ශී‍්‍ර ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරවය හා ස්තූතිය ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙත පළමුව පුද කරන්නෙමු. වෙබ් අඩවි තහනම් කිරීම මගින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් එම වෙබ් අඩවිවලට ලබාදෙන අති විශාල ප‍්‍රචාරය පිළිබඳව කිසිදු වෙබ් අඩවියක් මේ දක්වා ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙත ස්තූති කිරීමට තරම් කෘතඥ වී නැත.


ශී‍්‍ර ලංකා ටෙලිකොම්හි සභාපති නිමල් වෙල්ගම මහතාටත්, ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාටත්, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිවිශිෂ්ඨ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතාටත් අපගේ ගෞරවනීය ස්තූතිය හිමි වන අතර, එම තහනම දිගටම පවත්වා ගැනීමෙන් අපව තව තවත් දිරිමත් කරන මෙන් ඉල්ලා සිටිමු.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ගේ ප‍්‍රතිපත්තිය වන්නේ ජාතික ආරක්‍ෂාවට හානිවිය හැකි පුවත් පළ කිරීමෙන් වැළකී සිටීම පමණි. මෙම ප‍්‍රතිපත්තිය මත පිහිටා අපගේ කාර්යය අප අඛණ්ඩව කරගෙන යන්නෙමු. අපගේ ප‍්‍රවෘත්තිවල නිවැරදිතාවය සම්බන්ධයෙන් සියයට සියයක් අපි සහතික වන්නෙමු.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් කි‍්‍රයාත්මක වන්නේ, ‘‘වැදෙන තැනකට වැදේවා - රිදෙන තැනකට රිදේවා - වැදී රිදී හෝ හැදේවා’’ යන මතය පදනම් කරගෙනය.
 
Related Posts with Thumbnails