Ads 468x60px

.

කරන්දෙණිය ප්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයෙන් මුළු ගමම ගිනි ගනී

කරන්දෙණියේදී වෛද්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අයත් වෛද්‍ය පර්යේෂණාගාරයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට ගම්වාසීන් අද පෙරවරුවේ ගිනිතබා තිබේ.පොලීසිය පැවසුවේ, කරන්දෙණිය නගරයේ මෙම ගොඩනැගිල්ල පිහිටා ඇති බවයි.


පොලීසිය මැදිහත්ව ගින්න නිවා දමා තිබේ.ගිනි තැබීමෙන් එම ගොඩනැගිල්ලේ කො‍ටසකට හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.එම ‍වෛද්‍යවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.කරන්දෙණිය පොලිස් වසමට පමණක් පොලිස් ඇඳරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ  පැවසුවේ ප්‍රදේශයේ පවතින නොසන්සුන් තත්ත්වය හේතුවෙන් එම පියවර ගත් බවයි.

වෛද්‍යවරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වය ඇති වී තිබේ.පොලිසිය පැවසුවේ ප්‍රදේශයේ වෛද්‍ය පරීක්ෂණාගාරයක් පවත්වාගෙන ගොඩනැගිල්ලක සහ තවත් ගොඩනැගිලි කිහිපයකට පුද්ගලයින් හානි කර ඇති බවයි.




හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව කරන්දෙණිය පොලීසිය  පවසයි. වෛද්‍යවරයා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට අයත් වෛද්‍ය පර්යේෂණාගාරයකට ගම්වාසීන් විසින් අද පෙරවරුවේ ගිනි තැබීමත් සමග එහි නොසන්සුන් තත්ත්වය ඇති විය.


කරන්දෙණිය රජයේ රෝහලේ දොස්තර ප‍්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතන සැකකරුවනට අයත් යැයි කියන ස්ථාන දෙකකට අද ගිනි තබා වනසා ඇතැයි කරන්දෙණිය වැසියෝ කියති. බොරකන්දේ චැනල් මධ්‍යස්ථානයක්, හෙදියකගේ නිවෙසක් ගින්නෙන් දැවී ගිය බවත් යුද හමුදා කපිතාන්වරයකුට අයත් බව කියන ගෙයක් හා කඩයක් සොයා සිය ගණන් පිරිස් කුරුඳුගහහැතැප්මට ගිය බවත් පොලිසියට වාර්තා වී ඇත. පොලිසියට පාලනය කළ නොහැකි තරමේ පිරිසක් මේ ගිනිතැබීම් වලට එක් වී සිටිතියි අලූත්ම වාර්තාවල දැක්වේ. මුළුන්ම රතිඤ්ඤා පත්තු කර ගල් ගසා අනතුරුව පෙට‍්‍රල් බෝම්බ විසි කරන්නට ඇතැයි සැක කෙරේ.







 
Related Posts with Thumbnails