Ads 468x60px

.

අඟපසග ඇල්ලීම නිසා තරුණ හෙදියන් දුමින්ද ළඟට යන්න බෑ කියලා

ජයවර්ධන රෝහලේ 18වන වාට්ටුවේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දුමින්ද මන්ත්‍රීවරයා අසලට යෑම එම රෝහලේ තරුණ හෙදියන් තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි එම වෛද්‍යවරයෙකු  පැවසීය. දුමින්ද මන්ත්‍රීවරයා පසුගිය දින දෙකෙහි තරුණ හෙදියන් කිහිප දෙනෙකුගේ අඟපසග ඇල්ලීමට උත්සාහ කිරීමේ සිද්ධීන් තුනක් පිළිබඳව රෝහල් පරිපානලයට වාර්තා වී ඇත.


කුඩු දුමින්ද මන්ත්‍රීවරයා සිහිවිකල් තත්ත්වයෙන් එසේ හැසිරෙන්නට ඇතැයි කියමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කීපදෙනෙකු තරුණ හෙදියන්ට කරුණ පැහැදිලිකරදීමට උත්සාහ දරා ඇතත් එම හෙදියන් දුමින්ද අසලට යෑම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.මේ අතර අසාධ්‍ය තත්ත්වයෙන් ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කරනු ලැබූ රෝගියකු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ගැනීමට නොගැනීම නිසා ඊයේ දහවල් මිය ගොස් ඇත.දුමින්ද මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව යැයි කියමින් එම දැඩි සත්කාර ඒකකයට වෙනත් රෝගීන් ඇතුලත් කර ගැනීම ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මත රෝහල් පරිපාලනය විසින් අත්හිටුවා ඇත.
 
Related Posts with Thumbnails