Ads 468x60px

.

විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපති පදවිය ගාල්ලේ හදහන් බලන සුමනදාස අබේගුණවර්ධනට !

ශ‍්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිශන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය ඉන් ඉවත් කොට එම පදවිය සඳහා ගාල්ලේ හදහන් බලන සුමනදාස අබේගුණවර්ධන පත් කිරීමට යන බව  වාර්තාවේ.


මෙම කොමිශන් සභාවේ සියලූම ග‍්‍රහයින් මේ වන විට නීච වී ඇති තත්ත්වයක් යටතේ නැවතත් අලූත් ග‍්‍රහයින් හඳුන්වාදී ග‍්‍රහ සෙත් ශාන්තියක් කොට නැවතත් කොමිශන් සභාව උච්ච ස්ථානයට ගැනීමට හැකියාව ඇති එකම පුද්ගලයා ලෙස සුමනදාස අබේගුණවර්ධන මහතා වෙත සිය විශ්වාසය රදවා සිටී.

මේ පිළිබඳව සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් විමසා සිටි කළ ඔහු පවසා සිටියේ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ප‍්‍රබල ආයතනවල සභාපති ධුරය දැරීමට කැෂිනෝ ධම්මික වැන්නන්ට හැකි වූයේ නම් සුරා සූදුවෙන් තොර දොළොස් පෝයටම සිල් ගන්නා තමා වැනි පුද්ගලයකුට විනිමය හා සුරැකුම්පත් කොමිශමේ සභාපතිකම කජු කන්නා වගේ වැඩක් බවයි. හත්අඩියේ දෙහි කපා තෙල් මතුරා තමන් වැඩ භාර ගැනීමට සූදානම් බව සුමනදාස අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
 
Related Posts with Thumbnails