Ads 468x60px

.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් දුමින්දගේ සුවදුක් බැලීමට රෝහලට

පසුගිය 8 වැනිදා මුල්ලේරියාවේ සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී බරපතල තුවාල ලබා,  ශී‍‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍‍්‍රතිකාර ලබන මන්තී‍‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ සුව දුක් බැලීම  සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් අද (31) පස්වරුවේ එම රෝහල වෙත ගොස් තිබේ.

අනුර පි‍‍්‍රයදර්ශණ යාපා, තිස්ස කරලියද්ද, ඇතුළු අමාත්‍යවරුන් මන්තී‍‍්‍ර  දුමින්ද සිල්වා මහතාගේ  සුවදුක් බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ ගොස් ඇත. ඊට අමතරව ජනාධිපති අතිරේක ලේකම් ගාමිණි සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක් වී තිබෙන බව වාර්තා වේ. මෙම ප‍්‍රභූන් පිරිස පැයකට ආසන්න කාලයක් රෝහලේ ගත කර ඇත.

එම සංචාරය ඉතා රහසිගත සිදුවි ඇති අතර එ පිළිබද තොරතුරු වාර්තා වි නැත. දුමින්ද සිල්වාගේ වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා අමෙරිකාවට ගෙන යැමේ සුදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
 
Related Posts with Thumbnails