Ads 468x60px

.

ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල්ට නිදහස


ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලබාදී නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසීය.ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහි සුදු කොඩි නඩුවේදී බෙදුනු තීන්දුවක් ලැබීම රජයට බරපතල ලෙස අවාසිදායක වී ඇති බවත්,ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නැඟ එන විරෝධයන් හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යෙමු වී ඇත.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ සමීප හිතවතුන් දෙදෙනෙකු සමග පසුගිය දින කිහිපයෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ.ඉදිරි කාලය තුළදී ෆොන්සේකා මහතාව විපක්‍ෂ කණ්ඩායම්වල අතකොළුවක් වීමට ඉඩ නොතබන්නැයි ඔවුන් දෙදෙනාට දැනුම් දී ඇති ජනාධිපතිවරයා, ජෙනරාල්වරයා ඉදිරියේදී ශී‍්‍ර ලංකා රජයට එරෙහිව කටයුතු නොකරන බවට සහතික වන්නේ නම් මේ සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සඳහන් කර ඇත.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ජාත්‍යන්තර අධිකරණයට හා ඇමරිකානු රජයට කරුණු කීමට සූදානම් බව ප‍්‍රකාශ කිරීමත් සමග ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානි බන්දුල ජයසේකර මහතා ප‍්‍රකාශ කර සිටියේ,ජාත්‍යන්තරයට කරුණු කීමට පෙර ෆොන්සේකා මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.
 
Related Posts with Thumbnails