Ads 468x60px

.

තවත් පාතාල නායකයෙක් වන ක‍්‍රිස්ටෝපර් පැහැරගනී

කොළඹ ප‍්‍රදේශය මූලික කර ගනිමින් මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජිකයෙකු වූ ක‍්‍රිස්ටෝපර් ප‍්‍රනාන්දු නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබේ.ජම්පටා වීදියේ පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ පස්වරුවේ මෙම පැහැර ගැනීම සිදුකොට ඇත. මේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.මොහු කොළඹ ප‍්‍රදේශයට අවට මත්කුඩු බෙදාහැරි ප‍්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්ක රුවෙකු බවත්, මොහු ඇතුළු මොහුගේ කණ්ඩායම මනුෂ්‍ය ඝාතන කිහිපයක්ම සිදුකොට ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මොහු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කොට ඇත්තේ කොළඹ ප‍්‍රධාන දේශපාලඥයෙකුගේ සෙවනේ බවත් ආරක්‍ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.


පාතාලයේ ‘ෆේරෝස්’ මරා දමයි

මීගමුව ප‍්‍රදේශයේදී පසුගියදා පැහැරගත් ප‍්‍රබල පාතාල සාමාජිකයෙකු වූ මොහොමඞ් ෆේරෝස් නොහොත් ෆේරෝන් නාඳුනන කල්ලියක් විසින් ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්‍ෂක අංශ කියා සිටී.පසුගිදා නාඳුනන කල්ලියක් විසින් ෆේරෝස් පනැහැරගත් අතර එසේ පැහැරගෙන ගොස් ඇත්තේ කල්ලි දෙකක් අතර වූ ආරවුලක් හේතුවෙන් යයිද ආරක්‍ෂක අංශ පවසයි.ෆේරෝස් විසින් මනුෂ්‍ය ඝාතන 13ක් කර ඇති අතර එයින් 07ක් දැනටත් තහවුරු වී ඇතැයිද ආරක්‍ෂක අංශ වැඩිදුරත් කියා සිටී.

 
Related Posts with Thumbnails