Ads 468x60px

.

දීපාලිට මගේ හෘර්දයාංගම ස්තූතිය - සරත් ෆොන්සේකා

මහාධිකරණයේ විනිසුරුවරියකව සිටි  විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී ඊයේ (05) පස්වරුවේ දිවුරුම් දී තිබේ.
මෙම දිවුරුම් දීම අරලියගහ මන්දිරයේදී සිදුවී ඇති අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද එක් වි ඇත.සුදු කොඩි නඩු විභාගය විනිශ්චය කල ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරිය ලෙස කටයුතු කලේද දීපාලි විජේසුන්දර මහත්මියයි.


 මහාධිකරණයේ විනිසුරුවරියකව සිටි විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ විනිසුරු වරියක ලෙස උසස්වීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිය හෘර්දයාංගම සුබ පැතුම් එක් කළේය.

ෆොන්සේකා මහතා සිය සුබ පැතුම් එක්කරනු ලැබුවේ අද (06) ටෙන්ඩර් මගින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාග වන හයිකෝප් මුල්‍ය වංචාවට අදාළ නඩුවට පෙනී සිටීමට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව පිට අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදීය.
ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

අපි ජාතන්තරයට අපේ ඛේදවාචකය ගැන දැනුම් දෙනවා. . මේ රටේ සාධාරණය ඉෂ්ඨ වෙන්නෙ නැති හින්දා.. කරුණාකරල ඒකට ඔක්කොම අත්සන් කරන්න. අපි වෙනුවෙන් පෙනී සිටින්න..දීපාලි විජේසුන්දර මැතිණිය උසස් කළා කියල ආරංචියි. ඊට මගේ හෘර්දයාංගම ස්තූතිය. අපි ඒක බලාපොරොත්තුවෙන් සිටියේ. අපි ජනතාව සමඟ හැමදාම ඉන්නවා.
 
Related Posts with Thumbnails