Ads 468x60px

.

මෙවර උඳුවප් පොහෝදින සවස 5.03 ට වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය


මේ වසර තුළ ශ්‍රි ලංකාවාසීන්ට දැකබලා ගත හැකි අවසන් චන්ද්‍රග්‍රහණය ලබන 10 වැනිදා දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම මධ්‍යස්ථානය පැවසුවේ ලබන 10 වැනිදාට යෙදෙන උඳුවප් පොහෝදින සවස 5.03 ට චන්ද්‍රග්‍රහණය ආරම්භවන බවය.එය රාත්‍රී 11 තෙක් දර්ශනයවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය පවසන්නේ එම පුර්ණ චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් නැරඹීමට හැකියාව ඇති බවය.
එම චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව රාත්‍රි 8.02 ට ආරම්භ වන අතර පුර්ණග්‍රහණ අවස්ථාව විනාඩි 51 කට සීමාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
Related Posts with Thumbnails