Ads 468x60px

.

මනූෂ සහ උපේක්ෂා නෙරපීම වැළකූ නියෝගය තවදුරටත්


උපේක්ෂා ස්වර්ණමාලි, මනූෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන් පක්ෂ යෙන් නෙරපීම වලක්වමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයට දුන් නි‍යෝගය තවදුරටත් බලාත්මක කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේය.ඒ, එක්සත් ජාතික පක්ෂය ඊට අදාළ ව ගොනු කළ අභියාචනයක්  සලකා බැලූ අවස්ථාවේ දීය.මෙහිදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොම්ඩ් මහතා පෞද්ගලික හේතුන් මත නඩුවට පෙනී නොසිටින බව දැන්වීය.
මන්ත්‍රීවරුන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.මෙහිදී නීතිඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ අදාළ මන්ත්‍රිවරුන් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට පක්ෂව ඡන්දය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙලෙස ඔවුන්ට එරෙහිව ක්‍රියාකර ඇති බවයි.එවැනි ව්‍යවස්ථා කටයුත්තක් සම්බන්ධයෙන් ඔවුන්‍ ඓරෙහිව පියවර ගැනීමට නොහැකි බව ද මුස්තාපා  කියා සිටියේය.

අභියාචනය පිළිබඳ වැඩදුර විභාගය ලබන ජනවාරි 26 වැනි දිනට කල් තැබු , එල්.ටී.බී. දෙහිදෙණිය සහ එච්.සී ජේ මඩවල යන විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පනවා ඇති නියෝගය එතෙක් බලපාන බවයි.
 
Related Posts with Thumbnails