Ads 468x60px

.

අවුරුදු 25 ක් පෑනක් බඩේ තියාගෙන ජීවත් වූ කතක්

වසර 25 ක් පුරා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ උදරය තුළ තිබූ පෑනක් ශල්‍ය කර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව ද ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවතීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

 76 හැවිරිදි මෙම කාන්තාවට මතුවූ රෝගී තත්ත්වයක් පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යොමුවීමෙන් පසුව ඇයගේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට වෛද්‍යවරුන් නියම කර තිබේ. එම ස්කෑන් පරීක්ෂ‍ණයේ දී ඇයගේ උදරය තුළ තිබූ කිසියම් දික් රේඛාවක් වැනි යමක් පිළිබඳව අනාවරණය වි ඇත. මීට වසර 25 ට පමණ පෙර තමන්ට හදිසි තත්ත්වයක් මත පෑනක් ගිලුණු බව මෙම කාන්තාව එහිදී වෛද්‍යවරුන් වෙත දැනුම් දී තිබේ. එම පෑන ශල්‍යකර්මයක් මගින් ඉවත්කිරීමෙන් පසුව එහි භාවිතයට ගත හැකි තීන්ත අන්තර්ගතව තිබී ඇති අතර ලේඛනය සඳහා භාවිත කළ හැකිව පැවතීම ද පුදුමය දනවන කරුණක් වී ඇත.  

 
 
Related Posts with Thumbnails