Ads 468x60px

.

අතිවිශාල මෙහෙයක් ඉටුකළ ෂටල යානා මහජන ප්‍රදර්ශණයට

අභ්‍යවකාශ ගවේශණයේ අතිවිශාල මෙහෙයක් ඉටුකළ ෂටල යානා මින් ඉදිරියට අභ්‍යවකාශ ගවේශණ සඳහා යොදා නොගනු ඇත. ඒ නිසා මින් ඉදිරියට එම ෂටල යානා මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත වනු ඇත. මේ අනුව අවසන් ෂටල යානා චාරිකාව සිදුකළ ඇට්ලන්ටිස් ෂටලය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී මහජන ප්‍රදර්ශණයට විවෘතය.


කෙසේ වෙතත් මහජනයාට පහසුවෙන් අධ්‍යනය කිරීම සඳහා යානය අභ්‍යන්තරයේ බොහෝ සංකීර්ණ කොටස් ඉවත් කොට ඇත. අවසන් වරට යානයේ බල සැපයුම නවතා දැමීමට පෙර එහි අභ්‍යන්තරය නැරඹීම සඳහා මහජනයාට අවස්ථාව ලැබීම අතිශය විරල අවස්ථාවකි.අභ්‍යවකාශ ගවේශණය සඳහා අතිවිශාල මෙහෙයක් සිදු කිරීමට ෂටල යානා දායක වූ අතර නැවත නැවතත් භාවිත කළ හැකිවීම නිසා වඩා ලාභදායී යානාවක් ලෙස සැලකේ. කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟ අධිතාක්ෂණික, වඩා ලාභදායී අභ්‍යවකාශ ප්‍රවාහණ යානායක අවශ්‍යකාව හේතුවෙන් ෂටල යානා භාවිතයෙන් ඉවත් කිරීමට නාසා ආයතනය තීරණය කරන ලදී.

 
Related Posts with Thumbnails