Ads 468x60px

.

වියපත් බඹරා සරාගී නිසා පේ‍්‍රමය බිඳවැටිලා - උත්පලා

මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘ඉසිවර රණකෙළි’ ටෙලියේ  ඕෂිනී ලෙසත්, සිරස නාලිකාවේ විකාශය වන ‘ආදරේ අහස තරම්’ ටෙලියේ දිනුෂා ලෙසත් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් උත්පලා මධුශානිගේ මංගල චිත‍්‍රපටය වියපත් බඹරාය. කෙසේවුවද මෙම චිත‍්‍රපටයට දායකවීමත් සමග උත්පලාගේ පේ‍්‍රමයද බිඳවැටෙන තත්ත්වයකට පත්වූ බව පැවසේ.එහි පූර්ව ප‍්‍රචාරක වැඩ කටයුතු සඳහා ඇය සිටි රූපරාමු සරාගී බව හැගවෙන ලෙස යොදා ගැනීම ඊට හේතුව බවවාර්තා වේ.


උත්පලාගේ පෙම්වතා රංගන ශිල්පියකු නොවන අතර ඔහු කලාවට ක්ෂේත‍්‍රයට සම්බන්ධ අයෙක්වීමෙන් මේ තත්ත්වය පහදාදීමට ඇයට සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවූ බවද පැවසේ.
චිත‍්‍රපටයේ හැටියට උත්පලාගේ නම ඩිනාය.මේ සම්බන්ධයෙන් උත්පලා නීතියේ සරණ පැතීමටවරක් උත්සාහ කළ බවද වාර්තා වේ.මෙවන විට ඇගේ පෙම්වතා විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත්විය යුතු බවට අනතුරු අගවා ඇතැයිපැවසේ.

කෙසේවුවද උත්පලා, මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා තිබුණේ තමා එම චිත‍්‍රපටයට දායකවීම සම්බනධයෙන් දුක්වන බවයි.‘ආදරණීය පූර්ණිමා’ උත්පලාගේ පළමු ටෙලි නාට්‍ය වන අතර එහි ඇය රගපෑ ‘සඳුනි’ගේ චරිතය හේතුවෙන් ඇය පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් විය.ඇය නිවේදිකාවක් ලෙස ද ස්වර්ණවාහිනි නාලිකාවේ ”රසලිය” වැඩසටහන දෙවසරකට ආසන්න කාලයක් ඉදිරිපත් කරමින් දස්කම් දැක්වූවාය.මේ අතර ඇය ඉදිරියේදී විකාශ වීමට නියමිත ‘සංසාර ප‍්‍රාර්ථනා’ ටෙලි නාට්‍යයේ චරිත 04 ක් සඳහා දායකවීම විශේෂිතය.

http://2.bp.blogspot.com/_wCFk2y3JdRg/TP3kzS5_DiI/AAAAAAAAAwY/LPaQTlVyVtE/s1600/66231676uth-08-L.jpg
http://2.bp.blogspot.com/_wCFk2y3JdRg/TP3k2SSNL1I/AAAAAAAAAwg/lyUm5FMDOk8/s1600/617565286uthpala-Hnew.jpg
http://2.bp.blogspot.com/_wCFk2y3JdRg/TP3k00ehaPI/AAAAAAAAAwc/SLcR3H3XBBs/s1600/133258324uth-07-L.jpg
http://gossips.srilankaactress.info/wp-content/uploads/2011/01/uthpala-a.jpghttp://3.bp.blogspot.com/_wCFk2y3JdRg/TP3k5NeFCrI/AAAAAAAAAwo/pMO-yFyKs2o/s1600/1710198509uth-09-L.jpg
 
Related Posts with Thumbnails