Ads 468x60px

.

සුරූපී ගණිකාවකට දවසකට දහදාහක් - අයිතිකරුත් සමග මාට්ටු

උනවටුන, එරමුදුගහ ප‍්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදුණ බැව් කියන කාන්තාවක සහ හෝටල් කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබේ.ගාල්ල පොලිස් කොට්ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

ගණිකා වෘත්තීයේ යෙදුනු බවට සැකපිට අත්අඩංගුවටපත් සුරූපී කාන්තාව නුවර කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි දෙදරු මවකි. ඇය ගණිකා වෘත්තියේ යෙදී දිනකට රුපියල් දස දහසක් පමණ උපයනු ලැබ ඇතැයිද පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පිරිමි පුද්ගලයන්ගේ සහ කාන්තාවන් දස දෙනකුගේ ජාතික හැඳුනුම්පත් දහයක්ද මෙම ගණිකා නිවාසයේ තිබී පොලිස් භාරයට ගනු ලැබ ඇත.සැකකාර කාන්තාව හා හෝටල් කළමනාකාරවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.
 
Related Posts with Thumbnails