Ads 468x60px

.

මම එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවලු - අක්ෂා සුදාරි (Photo)

නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි නුගේගොඩ ප‍්‍රදේශයේ නිවසක එකට වාසය කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.කෙසේවුවද කාවිංග අක්ෂා සමඟ එකට වාසය කිරීම ආරම්භ කර ඇත්තේ කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණිය ද අමතක කර බව පැවසේ.අක්ෂා හා කාවිංග එක්ව කොළඹ නගරයේ අවන්හලක් ආරම්භ කිරීමට සූදානමක් පවතින බවත්, දෙදෙනා එක්ව මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානමක් ඇතැයි ද මේ අතර, වාර්තා වේ.


අක්ෂා විසින් කාවිංගට ආදරයට අමතනුයේ ‘සෝනු’ ලෙස බවත් පැවසේ.සෝනු යන්න හින්දි භාෂාවට අනුව රත්තරං යන අර්ථය දැක්වීමට අක්ෂා විසින් කාවිංගට මෙලෙස අමතන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.එසේම කාවිංග ආදරයට අක්ෂාට යොදා ඇති සුරතල් නාමය ‘බේබි’ බව ද පැවසේ.මේ අතර, පසුගියදා ඩානස් ස්ටාර්ස් ඩානස් වැඩ සටහනෙන් චූලා පද්මේන්ද්‍ර ඉවත්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට යළි එක්වීමට අවස්ථාව ලද කාවිංග, ඉන් යළි ඉවත් කරන්නේ නම් ඊට පෙර තමා ඉවත් කරන ලෙස අක්ෂා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂ වරයෙකුගෙන් අවිහිංසක ඉල්ලීමක් කර අතැයි ද වාර්තා වේ.

අක්ෂා මීට පෙර පදිංචිව සිටියේ කිරුළපන ප‍්‍රදේශයේය.කාවිංග හා අක්ෂාගේ හාදකම හේතුවෙන් කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණියගේ පාර්ශවයේ පිරිසක් විසින් පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා කාවිංගට පහරදීම හේතුවෙන් හිසට තුවාල සිදුවී තිබිනි.මීට පෙර කාවිංග සමඟ විවාහ ගිවිසගෙන සිටි තරුණියගේ් නිවසේ සංවිධානය කර තිබූ සාදයට අනාරාධිතව පැමිණි නිළි අක්ෂා සාදය අවුල්කර කාවිංග බලෙන් එම සාදයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් ද ගැටුම් ඇතිවූ බව වාර්තා විය.

මේ සිද්ධියත් සමග එම තරුණියගේ දෙමාපියන්ද සිත් තැවුලට පත්ව ඇගේ විවාහ ගිවිසගැනීම කටුගා දමන ලෙසට පසුගිය කාලයේදී ඇයට බලපෑම් කරමින් සිටි බවද පැවසේ.මේ අතර, නිළි අක්ෂා සතිඅන්ත පුවත් පතක අතිරේකයක් සඳහා සාකච්ඡුාවක් ලබාදෙමින් තමා හා කාවිංග අතර, අනවශ්‍ය හාදකමක් නැතැයි සඳහන් කරමින් සිය අදහස් දක්වා තිබුණේ මෙසේය.

‘මම කාවිංග පෙරේරා සමග යාළුයි කියලා. එයාගේ බිරිඳගෙන් එයාව උදුරගන්න යනවා කියලා එහි සඳහන් වෙලා තිබ්බා. ඇත්තටම ඒ කතාව සම්පූර්ණ බොරුවක්. මම මේ සම්බන්ධයෙක් කාටවත් බැනවලවත්   ඕන කියන විදිහේ වැඩ කරලාවත් නැහැ. මම මේ බොරු ප‍්‍රචාරය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. හැබැයි මමයි කාවිංගයි අතර ලොකු හිතවත්කමක් තිබෙනවා. ඒකට තමයි මෙහෙම කතන්දරයක් හැදිලා තියෙන්නේ.’

Tamil actress Aksha Sudari [Aksha++Sudari.jpg][Aksha+Sudari.jpg][Aksha+Sudri.jpg][Sri+Lanka+Girls.jpg][Aksha_Sudari.jpg][21570_285723499789_285706734789_3442903_79048_n.jpg][Aksha+Sudari+Hot+Girls.jpg][Nadeesha+Hemamali+Sexy.jpg][sd.jpg][Aksha+Sudari.jpg][Aksha+Sudari.jpg]
 
Related Posts with Thumbnails