Ads 468x60px

.

මොරටුව රාවතාවත්තේ ළමා ජාවාරම සෙවිම අපරාධයක්ද?

මොරටුව රාවතාවත්තේ පේ‍්‍රම් ළමා නිවාසය ජාතික ළමා ආරක්ෂක අධි කාරිය විසින් සෝදිසියට ලක්කළේ එහි සිදුවෙනවා යයි කියන බිහිසුණු ළමා ජාවාරම පිළිබඳව ඔත්තු ගොඩාක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු හෙයිනි. ළමා ආරක්ෂක අධිකාරිය නිතියට එකගව ක‍්‍රියා කළේය. අපි ඕක පරික්ෂා කරන්ට එනවා නොකියා එය පරික්ෂාවට ගියේය.පේ‍්‍රම් ළමා නිවාසයට ගිය ළමා ආරක්ෂක අධිකාරියේ පිරිස් තිගැස්සුනහ.

ඔවුන්ට අදහා ගැනීමට බැරිතරම් භයානක නිති විරෝධි දේ දකින්ට  ලැබුණි. එය වැටලීමට සහභාගිවු අයෙක් කි ලෙසට හරියට ළමා ගොවිපළකට ගියා වගේ ඔහුට දැනුනි. බිජ පොහොර අස්වනු ගැණුම් කරුවන් ගණුදෙනු ලිපි සේරම හමුවිය.එමනිසා පේ‍්‍රම් ළමා නිවාසය පාළිකාව වශයෙන් කටයුතු කළ ඉන්දිය සොහොයුරිය අත් අඩංගුවට ගැනුනි. මෙතැන් පටන් කතෝලික සභාවේ ඉහළ නිලතල දරන විශාල පිරිසක් පරලවුහ.

එහි අවසාන ප‍්‍රතිඵලය කාදිනල් මැල්කම් රංජිත් තුමා ආවේෂවිමයි. එතුමා මොන විදිහට ආවේෂ වුවාද යත් නිතියට අභියෝග කළේය. සියලූම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා යයි කීවේය. බොහෝම සුලූ ඇපයකට අත් අඩංගුවේ සිටි සොහොයුරියට එළියට ඒමට නිදහස ලැබුණි.කතෝලික සභාව යනු ලෝකයේ ඇති බලගතුම සංවිධානයයි. මෙහි නායක පාප්තුමා ආගමික නායකයෙක් පමණක් ම නොවේ රාජ්‍ය නායක යෙකි. මෙම රාජ්‍ය නායකයා ලෝකයේම බලය පතුරුවාගෙන ලෝකය පාලනය කරයි. මැල්කම් රංජිත් කාදිනල් තුමා එතුමාගේ ලංකා ශාඛාවේ මෙහෙයුම්කරුවා නිසා ලංකාවේ ජනාධිපතිතුමාව සෙවීමට තරම් බලයක් හා ශක්තියක් ඇත්තෙකි.

මෙවැනි බලවන්තයෙක් රජයේ උත්සව වර්ජනය කරනවා යයි තර්ජනය කළවිට රජයේ පැත්තෙන් කළයුතුව ඇත්තේ දණගසා වැඳ සමාව ඉල්ලීමයි. වරදක් වුනානම් එය නිවැරදි කරගන්නවා ය කියමින් සමාව ඉල්ලීමයි. එය රජය ඉටුකරමින් සිටි.  නැතිනම් ප‍්‍රතිඵලය භයානක වෙන බව වැටහිමෙනි. එතකොට නිතිය රකින්ට ගිය ළමා ආරක්ෂක අධිකාරියට…? එය පවතීවි. ඒත් මෙහෙයුම කල නිලධාරින්ට කෙල වෙන්ඩ පුලුවනි.
 
Related Posts with Thumbnails