Ads 468x60px

.

දරුවකු රැගෙන හදාගැනීම තම සිහිනයක් - ජැකලින් කියයි

බොලිවුඞ් සිනමා නිළි සුෂ්මිතා සෙන් මෙන් තමාද අවිවාහක මවක් ලෙස දරුවකු අරන් හදා ගැනීමට කැමති බව සිනමා නිළි හා ශ‍්‍රී ලංකා රූ රැුජින ජැකලින් ෆර්නැන්ඩස් පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. දරුවකු රැගෙන හදාගැනීම මගින් ඔවුන්ට ජීවිතයේ නොලද පවුලක් හා අවස්ථා ලබාදීම ඉතා සුන්දර දෙයක් බවත්, එය තමාගේ සිහිනයක් බවත්, සුදුසු කලකදී එම සිහිනය සැබෑ කරගැනීමට තමාට හැකි වේ යැයි පතන බවත් ඇය පවසා ඇත.
මේ වන විටත් සමාජසේවා කටයුතු හරහා ශ‍්‍රී ලංකාවේ දැරියන් කිහිප දෙනෙකුගේ මූල්‍යමය අවශ්‍යතා සපුරන බව පවසන ෆර්නැන්ඩස්, ගැහැනු දරුවන් හට අධ්‍යාපනයක් ලබා දීම සඳහා ප‍්‍රමුඛස්ථානයක් දීම පිළිබඳව තමා සම්පූර්ණයෙන් එකඟ වන බවත් අධ්‍යාපනයට ඇති සම අයිතිය සඳහා ඉන්දියානු ස්ත‍්‍රීන් තවදුරටත් නැගීසිටිය යුතු බවත් පවසා ඇත.
 
Related Posts with Thumbnails