Ads 468x60px

.

අපේ රටේ මැති ඇමතිවරුන්ගේ පැටිකිරිය

එක්තරා අමාත්‍යාංශයක වසර අවසානයේදී පැවැති සුහද සාදයකදී සභාපතිවරයකු විෂය භාර ඇමැතිවරයා ඉදිරියේදීම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පහර දී ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ගැටුම සමතයකට පත් කිරීමට ඇමතිට ද මැදිහත්වමට සිදුවූ බව පැවසේ.කෙසේවුවද ගැටුම සමතයකට පත් කිරීමට පෙර සභාපතිවරයා ලේකම්වරයාට එක් පහරක් එල්ල කර තිබේ.

අමාත්‍යාංශයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් මෙම සභාපතිවරයා හා ලේකම්වරයා නිතර නිතර ගැටුම් ඇතිකරගන්නා බවදපැවසේ.පහර කෑමට ලක්වූ ලේකම්වරයා එම අමාතයංශය විසින් පසුගිය දිනක පවත්වන ලද සම්මාන උත්සවයක්ද වර්ජනය කර අතැයිවාර්තා වේ.එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඒ වෙනුවට සහභාගි වී ඇතැයි ද පැවසේ.

බීමතින් ඇදවැටී තොන්ඩමන් රෝහලේ

මේ දිනවල යුරෝපා සංචාරයක නිරතව සිටින අමාත්‍ය අරුමුගම් තොන්ඩමන් මහතා නව අවුරුදු උදාවසැමරීමට ගොස් බලවත් අකරතැරබ්බයකට මුහුණ දී රෝහල් ගත කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.පසුගිය 31 වන දින රාත‍්‍රියේ නව අවුරුදු උදාව නිමිත්තෙන් රාත‍්‍රී සමාජ ශාලාවක පැවති සාදයකට සහභාගී වී ඇතිඅමාත්‍යවරයා,  අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු  සාමාජ ශාලා පරිශ‍්‍රය තුල ඇද වැටී තුවාල ලබා ඇත.

අනතුරුව සමාජ ශාලාවේ පාලකයන් විසින් ඔහු රෝහල් ගත කර තිබේ.අත්වලට සහ පාදවලට තුවාල සිදුව තිබීම නිසා රෝහලෙන් පිටවීමෙන් පසුව දින කීපයක් විවේක  ගන්නා ලෙස ඇමතිවරයාටවෛද්‍ය උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ.

නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම අවස්ථාවේදී ගැටුමක්ද ඇතිවූ බවයි.ඉන් අනතුරුව සමාජශාලාවේ පාලකයන් විසින් තොන්ඩමන් අමාත්‍යවරයා රෝහල් ගතකොට ඇත.දෑතේ හා දෙපයේ සිදුවූ තුවාල සුව වනතෙක් ලංකාව බලා ඒම කල්දැමීමට තොන්ඩමන් අමාත්‍යවරයා තීරණය කර ඇත.


 
Related Posts with Thumbnails