Ads 468x60px

.

ස්වර්ණවාහිනියේත් ආරවුල් රැසක්


ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදනඅංශය ආරවුල් රැසකට මැදිව ඇතැයි වාර්තා වේ.නිෂ්පාදන අංශයේ ප‍්‍රධානියා විසින් මෙම ආරවුල් සියල්ල ගොඩ නගමින් සිටින බවද පැවසේ.ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර එම අංශයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගෙන අතැයි ද වාර්තා වේ.මේ අතර, ටෙලි නාට්‍ය විකාශය කෙරෙන රාතී‍්‍ර 8.30 විකාශ කාලයද බුද්ධිකගෙන් උදුරාගෙන අතැයි ද පැවසේ.


එම විකාශ කාලය විනිල් මැනික් හිමිකරුට ලබාදිමේ සැලැසුමක්ද නිෂ්පාදන අංශයේ ප‍්‍රධානියා විසින් කි‍්‍රයාත්මක කරඅතැයි ද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.බුද්ධිකගේ තනතුරට ආදේශ කිරීමට සූදානම් වන්නේ තුෂාන් නැමැති අයෙකු බවද පැවසේ.තුෂාන් වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදන්නා අයෙක් බවද පැවසෙන අතර ඔහු ඊ.ඒ.පී.සිනමාවද බංකොළොත් කිරීමට පූරෝගාමී වූ අයෙක් බව එම නාලිකාවේ සේවකයෝ පවසති.ඔහු ඊ.ඒ.පීසිනමාවට සම්බන්ධවීමෙන් පසුව එහි නිර්මාණය වූ කිසිදු සිනමා පටයක් මෙතෙක් සම්මානයට පාත‍්‍ර නොවූබවද පැවසෙන අතර, ඔහු එහි මුල් පුටුවට පත්වීමත් සමග එම ආයතනයේ සේවය කළ දක්‍ෂයන් සියල්ලක්ම පාහේ ඉන්ඉවත්ව ගොස් ඇති බවද පැවසේ.

පැරණි දක්‍ෂයින් අතරින් එහි ඉතිරිවී ඇත්තේ ගලගෙදර නැමැත්තා පමණක් බවද වාර්තා වේ.ඊ.ඒ.පීසිනමා ශාලා පිරිහී ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය විසින් ද වාර්තා කර තිබිණි.කොළඹ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ විත‍්‍රපටයක් නැරඹීමට ගිය පේ‍්‍රක්‍ෂකයෙකුගේ කකුළක් මීයෙකු විසින්සපාකෑම හේතුවෙන් අදාළ තැනැත්තා කළ පැමිණිල්ලකට අනුව  කොළඹප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් විසින්පරික්‍ෂා කර පේ‍්‍රක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසද නිර්දේශ කර තිබිණි.එසේම ලිබර්ටි සිනමා ශාලාවේ වැසිකිලි ඉතා අපිරිසදු බවත්ඒවායෙන් දුර්ගන්ධයද පැතිරෙන බවත් එම අවස්ථාවේදීකොළඹප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් විසින් නිගමනය කර තිබිණි.මේ අතර පසුගිය කාලයේදී බුද්ධිකට එරෙහිව ස්වර්ණවාහිනිය පුරා කැළෑ පත්තර කිහිපයක් ද අලවා තිබූ බවද පැවසේ.

මෙම කැළෑ පත්තර මුද‍්‍රණයට ද තුෂාන් සම්බන්ධ වී ඇති බවටත් ඒවා බෙදා හැරීමට සුනිල් නැමැත්තෙකු කටයුතු කරඅති බවත් එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග හෙලිකරයි.පසුගිය කාලයේදි තුෂාන් හා නිෂ්පාදන අංශයේ ප‍්‍රධානියා විසින් වයස අවුරුදු 55 ඉක්මවූ සියලුම සේවකයන්ආයතනයෙන් ඉවත් කළ ද අවුරුදු 60කට ආසන්න මලික් නැමැත්තෙකු ඔවුන්ගේ මිම්මට හසු නොවීම සම්බන්ධයෙන්දසේවකයෝ විමතිය පල කරති.කෙසේවුවද පසුගිය කාලයේදී පැවැති රියැලිටි වැඩසටහන්වලට සහයදුන් අයට මෙතෙක් මුදල් ගෙවා ගැනීමටනොහැකිව එම නාලිකාව බංකොළොත් වෙමින් තිබෙන බවත් මේ අතර, වාර්තා වේ.

මෙම කාරනා සම්බන්ධයෙන් දැණුවත් කරමින් ඊ.ඒ.පීසමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වන සෝමා එදිරිසිංහ ප‍්‍රමුඛ අධ්‍යක්‍ෂමණ්ඩලයේ සමාජිකයන් වන ජීවක එදිරිසිංහනාලක එදිරිසිංහ හා දිපා එදිරිසංහ යන මහත්ම මහත්මීන්ට සේවකයන්විසින් ලිපියක් යොමුකර ඇතැයි ද පැවසේ.

 
Related Posts with Thumbnails