Ads 468x60px

.

අද සහ හෙට උල්කාපාත වර්ෂා

මෙම වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද (03 වැනිදා) අලුයම සහ හෙට (04 වැනිදා) අලුයම 4.00 ට පමණ උතුරු අහසේ නැගෙනහිරට වන්නට දැකගත හැකි බව නවීණ තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.




මේ උල්කාපාත වර්ෂාව අප රටට දැකගත හැකි වන්නේ සාමාන්‍ය අයුරින් බවත් එය උතුරු අමෙරිකාවට ඉතා හොඳින් නිරීක්‍ෂණය කළ හැකි බවත් හෙතෙම කියයි. මෙරටට පැයක පමණ කාලසීමාව තුළදී උල්කාපාත වර්ෂා 20-50 ත් දැකගත හැකි බවත් උතුරු ඇමරිකාවට එම තත්ත්වය පැයට 100 ක්‌ පමණ වන බවත් හෙතෙම කීවේය.සාමාන්‍යයෙන් වර්ෂයක්‌ ඇතුළත උල්කාපාත වර්ෂා 25 ක්‌ පමණ සිදුවෙයි.සෑම වසරක්‌ ආරම්භයේදීම මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන බවත් එය පළමුවැනිදා සිට 10 වැනිදා තෙක්‌ පවතින බවත් චන්දන ජයරත්න මහතා පවසයි.



ශ්‍රි ලංකා තාරකා විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග පැවසුවේ, ‍කොඩිට්‍රැන්ටිඩිස් ලෙස නම් කර ඇති මෙම උල්කාපාත වර්ෂාව අද සහ හෙට අලුයම් කාලයේදී දැකගත හැකි බවයි.ඔහු පැවසූවේ, අද රාත්‍රී ‍ 12න් පසු උතුරු දිශාවෙන්  අදාළ උල්කාපාත දැක ගත හැකි බවයි.
 
Related Posts with Thumbnails