Ads 468x60px

.

ඊමේල් හැක්කරන ප්‍රබුද්ධයන්

ශ‍්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් දූල්ලෑව විජේරත්නගේ පෞද්ගලික ‘ඊමේල්’ එක තමා විසින් ‘හැක්කොට’ යවා ඇති ඊමේල් පණිවුඩ පිලිබද තොරතුරු ලබාගත් බව දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල මේ දිනවල තැන්තැන්වල පවසමින් සිටින බව වාර්තා වේ.


මෙසේ ලබාගත් තොරතුරු අනුව නෙරංජන් විජේරත්න විසින් දළදා මාලිගාවට සම්බන්ධ ලිපිගොනුවක් කිසියම් 
වෙබ්අඩවියට යවා ඇති බව තමා සොයාගත් බව සඳහන් කරන හිස්වැල්ල, මෙය උඩරට රදලයින් පිරිසක් වන නෙරංජන් දූල්ලෑව විජේරත්න, සුදන්ත සේනානායක සහ  වෙබ්අඩවියේ සංස්කාරක වැන්නවුන් එකට එකතුවී රත්නපුරයේ දෑල බණ්ඩාර පරපුරට හා හිස්වැල්ල පරපුරට එරෙහි උඩරට පහතරට සටනක් බවට අලූත්ම නිර්වචනයක් ඇදබාමීන් සිටී.

හිස්වැල්ල සහ දෑල බණ්ඩාර මුලින්ම කිව්වේ ඔවුන්ට එරෙහිව ඇති සයිබර් ප‍්‍රහාරය දළදා වහන්සේට එරෙහි කුමන්ත‍්‍රනයක් බවයි. නමුත් ලෝකයපුරා අතිමහත් බෞද්ධ ජනතාව මෙය දළදා වහන්සේට එරෙහි කුමන්ත‍්‍රනයක් නොව දළදා හිමියන්ගේ තේවාවන් කරන ගිහියන් දෙපොලකගේ දුරාචාරයන් හෙලිකිරීමක් බව පෙරලා ප‍්‍රකාශ කළ විට දැන් ඔවුන් දෙදෙනා මෙය ‘‘පාත්තයින්ට එරෙහිව රදලයින්ගේ කුමන්ත‍්‍රනයක්’’ බවට පෙරලාගෙන ඇත.


අදවන විට දළදා මැදුරේ මාධ්‍ය අධ්‍යක්‍ෂකගේ කාර්ය භාරය වී ඇත්තේ තමන්ගේ ජඩකම් සහ හොරකම් සාධාරනීකරනය කිරීම සඳහා නිර්වචන සහ න්‍යායන් ඉදිරිපත් කිරීමයි. දළදා මාලිගාවේ ඉතිහාසයේ නොතිබුනු ‘මාධ්‍ය අධ්‍යක්‍ෂක ධූරයක්’ මෑතදී අටවා ගැනීමේ සැබෑ අරමුණ දළදා හිමියන්ගේ චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීම නොව තම ජඩකම්වලට මාධ්‍ය හරහා ‘සුදුහුනු’ ගා ගැනීමයි.


හිස්වැල්ලගේ ‘මචං ලැයිස්තුවට’ අලූතින්ම එක්වී ඇත්තේ ලංකාවේ සිට ක‍්‍රියාත්මක වන ‘පතෝල’ වෙබ්අඩවි කිහිපයක කර්තෘවරුන්ය. මෙම කර්තෘවරුන්ට හිස්වැල්ල ගානේ මේදිනවල ‘බ්ලැක්ලේබල්’ පානය කිරීමේ අවස්ථාව උදාවී තිබේ. පසුගිය සති කිහිපයට හිස්වැල්ලට ‘ජොනිවෝකර් බ්ලැක්ලේබල්’ සඳහාම සෑහෙන බරපැනක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails