Ads 468x60px

.

ඔටාරා බල්ලන්ට දක්වන අසීමිත සෙනෙහස

ඔටාරා මෝස්තර නිරූපන ශිල්පිණියක් ලෙසද ඉතා ඉහල ජනපි‍්‍රයත්වයක් ලබා ගත් කාන්තාවකි. ඔඩෙල් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම ප‍්‍රධාන විධායක නිලධාරිනියද වන ඔටාරා ගුණවර්ධන කෂේත‍්‍රය තුළ ජනපි‍්‍රයත්වයට පත්ව සිටින්නේ ‘බලු නෝනා’ ලෙසය.ඔටාරා බල්ලන් කෙරෙහි දක්වන අසීමිත සෙනෙහස හේතුවෙන් මෙම නම පට බැඳී තිබේ.


ඔටාරාගේ
නිරූපන හැකියාව හේතුවෙන් ඇයට මෙරට චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් රාශියකගෙන් පසුගිය කාලයේදී රගපෑමට ආරාධනා ලැබුණඇය ඉන් එකක් හෝ පිළි නොගත්තාය.අවසානයේ බයිස්කෝප් එකකට සම්බන්ධවීමට තීරණය කර තිබේ.

ඇය
මෙම සිනමා සිත්තමට දායකවන්නේද එහි ප‍්‍රධාන චරිතය වෙන්වී ඇත්තේ බල්ලෙක් සඳහා වීම නිසා බවද පැවසේ.ඔටාරා මෙලෙස රංගනයෙන් දායකවන්නේ නිශාන්ත ප‍්‍රදීප් නිෂ්පාදනය කරන ප‍්‍රදීප් මහේෂ් අධ්‍යක්‍ෂණය කරන ‘හීරෝ නීරෝ’ චිත‍්‍රපටය සඳහාය.
මේ සඳහා ළමා නළුවන් සය දෙනෙකු රංගනයෙන් දායකවන අතර ‘හීරෝ නීරෝ’ළමා චිත‍්‍රපටියකි.ශාන්ත රූපස්සරගේ කැමරාකරණයෙන් හැඩවන ‘හීරෝ නීරෝ’ හි සංගීත නිර්මාපකයා නව පරපුරේ යොවුන් සංගීතඥයකු වන සමීර් ජේ ය.සංගීතා වීරරත්න, මහින්ද පතිරගේ, දුලීකා මාරපන, සුනිල් පේ‍්‍රමකුමාර, අමරසිරි කළංසූරිය (ආරාධිත රංගනයෙන්) හා පේ‍්‍රමදාස විතාන යන නළු නිළියෝ සෙසු චරිත සඳහා පණ පෙවති.

 
Related Posts with Thumbnails