Ads 468x60px

.

ඉන්ඩි ඒගෝහි ජනපි‍්‍රය ගායිකාව අශාන්තිලු

අශාන්තිඅල්විස් ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානයෙන්ද ( Best Overall Female Vocalist (GOLD), පිදුම් ලැබීමට සමත්වී ඇති අතර එම සම්මානයට හිමිකම් කී පළමු දකුණු ආසියාතික ගායිකාව වීමටඇය සමත්වී ඇත.  


මැලේසියාවේ පැවැති ඉන්ඩි ඒගෝ ජාත්‍යන්තර සංගීත සම්මාන උළෙලේදී (2012) ජනපි‍්‍රය ගායිකාවක් වන අශාන්තිඅල්විස් සම්මාන 04 ක් දිනා ගැනීමට සමත් වී තිබේ.




එම සම්මාන අළෙලේදී අශාන්ති වඩාත් නව්‍ය නිර්මාණාත්මක සංගීත රූපණය සඳහා වන සම්මානය ( Best Overall Female Vocalist (GOLD)), ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානය,^ Best Overall Female Vocalist (GOLD)) , හොඳම හිපොප් ඒකල ගායිකාවට හිමි රිදී සම්මානය (Best Hip-hop/Rap solo award (Silver)) හා හොඳම පොප් රූපණය සඳහා වන රිදී සම්මානය (Best Pop Act of Asia (Silver)) යන සම්මාන දිනා ගැනීමට සමත් වූවාය.


මෙම සම්මාන හිමිවූයේ ‘දෑස් පානවා’ ගීත ඇල්බමයේ පපරේ ගීතය හා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අෂාන්තිගේ ඉංගී‍්‍රසි ගීත ඇල්බමයේ ගොයින්ග් ඩවුන් යන ගීත දෙක සඳහා බව අශාන්ති පැවසුවාය.මෙම සම්මාන උලෙළ සඳහා ගීත 04ක් ඉදිරිපත්වූ බවඇය පැවසුවාය.
 
Related Posts with Thumbnails