Ads 468x60px

.

කළුවරේ දී ද දිවාකාලයේ මෙන්ම ඇස් පෙනෙන පිරිමි ළමයෙක්

දිවාකාලයේ මෙන් අඳුරේදීත් හොඳින් දෑස් පෙනෙන බළල් ඇස් සහිත පිරිමි ළමයෙකු පිළිබඳ පුවතක් චීනයේ ග්වන්ෂි පළාතෙන් වාර්තා වේ.චීන ජාතිකයන්ගේ දෑස් සාමාන්‍යයෙන් කළු පැහැ වුවද, නොං යොහුයි නැමැති මෙම ළමයාගේ දෑස් ලා නිල් පැහැයක් ගනියි.


නොං ගේ දෑස් පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ නොං උපතින්ම ලියුකෝඩර්මියා නම් දුර්ලභ තත්ත්වයකට ලක්වී ඇති බවයි. ලියුකෝ ඩර්මියා හේතුවෙන් හිරු එළියෙන් දෑසට දැඩි ලෙස හානි සිදුවිය හැ.

නොං ඉපදී මාස දෙකක් ගතවීමට පෙර නොංගේ පියා විසින් ඔහුව වෛද්‍යවරුන් කරා ගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පවසා ඇත්තේ නොං වැඩෙන විට ඔහුගේ දෑස් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.
කෙසේ වෙතත් නොං ගේ දෑසට ආලෝකයක් එල්ල කළහොත්, එය බළලෙකුගේ දෑස් මෙන් දිස්න දෙන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

නොං ගේ දෑසේ තවත් විශේෂත්වයක් වන්නේ ඔහුට කළුවරේ දී පවා දිවාකාලයේ මෙන් ඇස් පෙනීමයි.මේ පිළිබඳසැලවීමත් සමග ඔහු හමුවීමට මාධ්‍යවේදීන් රැසක් පැමිණ ඇති අතර, සාමාන්‍ය පුද්ගලයෙකුට නොපෙනෙන කරුවල කාමරයක් තුළදී ප‍්‍රශ්ණ පත‍්‍රයකට පිළිතුරු ලිවීම වැනි විවිධ පරීක්‍ෂණ වලට සාර්ථක ලෙස මුහුණදීමට යොං සමත් වී ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

 
Related Posts with Thumbnails