Ads 468x60px

.

දුමින්ද බැලීමට අනර්කලී සිංගප්පූරු ගිහින්

දැනට සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා ඔහුගේ හිටපු බිරිඳවන දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී සිංගප්පූරුවේ මව්න්ට් එලිසබත් රෝහලට ගොස් ඇති බව වාර්තා වේ.


අනර්කලී යනු දුමින්දගේ නීත්‍යානුකූල බිරිඳ වේ. ඔවුන් දෙදෙනා මේ වනවිට විවාහ වී ඇති බව හා
දුමින්ද සිල්වා අනර්කලී තම පෙම්වතිය නොඑසේනම් ‘ගර්ල් ෆෙර්න්ඞ්’ ලෙස සඳහන් කළද ඔවුන් දෙදෙනා නිත්‍යානුකූලව විවාහ වූ බව සනාථ කළ හැකිය. 

දුමින්දගේ වර්තමාන තත්ත්වය දැකීමෙන් අතිශය කම්පනයට පත්වී ඇති අනර්කලී රෝහලෙන් පිටතට පැමිණ පැය ගණනක් අඩමින් සිට ඇත්තේ ඔහු තවමත් තමන්ගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වනහෙයිනි.

මේ වනවිට මිනිමරුම් 5ක් සඳහා චෝදනා ලැබ සිටින දුමින්ද සිල්වා තවත් අපරාධ චෝදනාවක් වන ‘බහුවිවාහය’ යන චෝදනාවට වැරදිකරු කිරීමට හැකි සාක්ෂි අනර්කලී සතුව පවතී. නමුත් ඇය ඔහු කෙරෙහි පවතින පේ‍්‍රමය නිසාවෙන් එම චෝදනාව යටපත් කරගෙන සිටී.


දුමින්ද සිල්වා අනර්කලී හට පන්න පන්නා පහරදුන් සෑම අවස්ථාවකදීම ඇය දුමින්ද සිල්වාගෙන් බේරී ඇත්තේ මෙකී ‘බහුවිවාහය’ යන චෝදනාව ඔහුට මතක්කරදීමෙනි.


 
Related Posts with Thumbnails