Ads 468x60px

.

මුදියන්සේගේ වැරදුනු වන්නම

ශ‍්‍රී ලංකාවේ ලලිත කලා හා සෞන්දර්ය පීඨයේ මහාචාර්ය ඞී.එම්. මුදියන්සේ දිසානායකගේ වැරදුනු වන්නමක් පිලිබදව එම ලලිත කලා පීඨයේ සිසුන් හා සිසුවියන් පහත සඳහන් පුවත පළකර දෙන මෙන් ඉල්ලා තිබේ. 

මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් දෙස්විදෙස් සුපතලවන්නේ ඔහුගේ නැටුම් නිසාය. මුදියන්සේ දිසානායකයන්ගේ නැටුම් එංගලන්ත රසිකයන් පොඹකරලන්නේ සෑම සිංහල අලූත් අවුරුද්දකටම ලන්ඩනයේ කිංග්ස්බරි විහාරස්ථානයේ සිංහල අලූත්අවුරුදු උත්සවයට ඔහු සම්පාදනය කරන විශේෂාංග නිසාවෙනි.


මෙවන් වූ චරිතයක්වන මහාචාර්ය මුදියන්සේ දිසානායක පසුගියදා තම ශිෂ්‍යාවකගේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් ඇයගේ දෙමාපියන්ට නොදෙවෙනිව එම මංගලඋත්සවයේ සියලූ රාජකාරීන් තම උරමත පටවාගනිමින් මෙහෙකරනු දක්නට ලැබිණ. මංගල්‍යයේ අල්පෙනිත්තේ සිට සියලූ කටයුතු මහත් වැරවෑයමෙන් සිය ශිෂ්‍යාව වෙනුවෙන් මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් ඉෂ්ඨ සිද්ධ කරන ලදි. ඒ ඇය ඔහුගේ නර්ථන කණ්ඩායමේ සුපසන් ශිෂ්‍යාව වූ බැවිනි.


ඉකුත්ව ගියේ දෙමාසයකි. ශිෂ්‍යාව සරනපාවගත් මනමාලයා දිසාඅධිකරණයේ දික්කසාද නඩුවක් පැවරුවේ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ නම සමවිත්තිකාරයා කරමිනි. ඔහුගේ පැමිණිල්ල වූයේ සිය බිරිඳ බොහෝ කලක සිට මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ අනියම් බිරිඳව සිටි බවයි. ඔහුගේ මෙම පැමිණිලි පතට බිරිදගෙන් හෝ මහාචාර්ය මුදියන්සේ දිසානායකගෙන් කිසිදු පිලිතුරක් නොලැබුනු අතර දිස්ත‍්‍රික් විනිශ්චයකාරයා විසින් හබයකින් තොරවම දික්කසාදය ප‍්‍රධානය කරන ලදි.


දික්කසාදය ලැබීමෙන් අනතුරුව මනමාලයා උසාවියෙන් නික්ම ගියේ ‘‘මහාචාර්ය මුදියන්සේගේ ඉඳුල්කෑම කෑමට තරම් මම පහත් තත්ත්වයකට වැටී නොමැති බව’’ කියමිනි. තතුදන්නෝ පවසන්නේ මහාචාර්ය මුදියන්සේ දිසානායකගේ අපමණක් ක‍්‍රියා අතුරින් මාට්ටු වූයේ මෙය පමණක් වන බවයි.




 
Related Posts with Thumbnails