Ads 468x60px

.

මාව අල්ලන්නෙ නැතිව ඉන්න ඕන විදිය කියන්න - ‘මලී’ හි අරුණි කියයි

දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන ‘මලී’ ටෙලි නාට්‍යය හරහා ජනාදරයට පාත‍්‍ර වූ සමාධි අරුණි ඡායා අබේගුණරත්න ට පිරිමි පාර්ශවය විස බව වාර්තා වේ.


කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ ගැහැණු, පිරිමි දෙපාර්ශවයම හරි හරියට එකට ගැටී වැඩ කිරීම සාමාන්‍ය දෙයක් වුවද ‘මලී’ ට තවමත් එය නුහුරු බව ද පැවසේ.මලීගේ මේ නුහුරු බව මෑතකදී ජාතික පුවත්පතක ප‍්‍රධාන පෙළේ ජායාරූප ශිල්පියකුට පරහට හිටි බවද වාර්තා වේ.

අදාළ ජායාරූප ශිල්පියා මලීගේ නිරූපණ ජායාරූප කිහිපයක් ගැනීමට ඈ හැඩ ගැස්සීමට උත්සාහ කළ අවස්ථාවේදී ‘මාව අල්ලන්නෙ නැතිව ඉන්න ඕන විදිය කියන්නැයි’ පැවසීම නිසා ජායාරූප ශිල්පියා අපහසුතාවයට පත්වූ බව පැවසේ.

පසුව එහි සිටි කලාවට සම්බන්ධ කිහිපදෙනෙකු අදාළ ජායාරූප ශිල්පියා සමග පවසා ඇත්තේ ‘මලී’ට පිරිමි ඇලජික් බවයි.තිස්සමහාරාමයේ උපන් සමාධි සිය කුළුදුල් නිර්මාණ දායකත්වය වූ ‘මලී’ මෙගා ටෙලිය හරහා පේ‍්‍රක්‍ෂක සිත් පැහැර ගැනීමට සමත් වූවාය.

ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ රත්නපුර සුමන බාලිකා හා දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයෙනි.කෙසේවුවද ඈ උසස් පෙළ හදාරා ඇත්තේ තංගල්ල බාලිකා විද්‍යාලයෙනි.විසි හැවිරිදි වියේ පසුවන සමාධිගේ සුරතල් ‘සමී’ බවද පැවසේ. එසේම ඇගේ මව ඈ අමතන්නේ ‘සුදු නෝනා’ ලෙස බවද පැවසේ.

අවුරැදු කුමාරිය තරගවලට මම ආසයි. 2010 දී රෑපවාහිනී අවුරැදු කුමරියට අයදුම් කළා. එවර ජාතික රෑපවාහිනිය සංවිධානය කළ අවුරැදු කුමරිය තරගයේ අභිෂේක ලැබුවේ මායි.ඇය වසර 2010 දී රූපවාහිනී අවුරැදු කුමාරිය ලෙස අභිෂේක වෙමින් කලා ක්ෂේත‍්‍රයට එක්වූවාය.

 
Related Posts with Thumbnails