Ads 468x60px

.

‘දෑ ප්‍රේමී ජනරංජන‘ නාමය පිරිනමා ඇති ඇමැති මර්වින්

මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය පිරිනමා  තිබේ. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් එම ගෞරව නාමය ඇමතිවරයා වෙත  ප්‍රධානය කර ඇත.

''
මට පහුගිය දවස්වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මා සොළවන්න කිහිපදෙනෙක් උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්. මේ දවස්වල මම පොඩි නිවාඩුවක්  පිට ඉන්නවා.‘ යයි ඇමැති මර්වින් සිල්වා මහතා මාධ්‍ය අමතා පැවසිය.

මේ මහජන සම්බන්ධතා සහ මහජන කටයතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැෙඟන චෝදනා සනාථ කිරීමේ ලියකියවිලි කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කමිටුවට බාර දීමට නියමිතව අතැයි වාර්තා වේ.

මෙම අවස්ථාව සඳහා කැලණිය ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රිවරුන් 16 දෙනාම සහභාගී වීමට නියමිත අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මින් පෙර ලිපිගොනු 30ක් බාර දෙනු ලැබි තිබිනි.

මේ අනුව ඉදිරියේදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ශ‍්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව දැනුවත් කිරීමට නියමිත අතර විනය කමිටුවේ නිර්දේශ මධ්‍යම කාරක සභාවට ලබාදීමද සිදු කෙරේ.

මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා අමාත්‍යවරයාට මෙතෙක් කලක් තිබුනේ ආචාර්ය උපාධියක් හා ගෞරව නාම 2කි. ඒවා පිළිබඳව මීට පෙර හෙළි කර තිබූ අතර ඊයේ දිනයේ ඔහු තවත් ගෞරව නාමයකින් පිදුම් ලබා තිබෙනවා. 

ඒ අනුව ආචාර්ය උපාධියට අමතරව"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු"
"ශ්‍රී රෝහණ වීර වික්‍රම" "දෑ ප්‍රේමී ජනරංජන" යන ගෞරව නාම මර්වින් සිල්වා සතුයි.

මුලින්ම මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආචාර්ය පදවියක් තිබුනත් එය ලැබුනේ කෙසේදැයි කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. මාධ්‍යයට රහසක්ව තිබුණු එය අමාත්‍යවරයා විසින් හෙළිකර තිබුනේ මෙසේය.

ඔබතුමාට ලැබුණු ආචාර්ය උපාධිය ගැන මාධ්‍ය මඟින් දැනුවත් කර නෑ. කොහොමද ඔබට ආචාර්ය උපාධියක් ලැබුණේ?

"මං පසුගිය කාලයේ දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය, බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළා.

මේ සාකච්ඡාවලදි එතුමාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් මහත්තයත්, දොස්තර අශෝකාත් තේරුම් ගත්තා මා විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රඥාගෝචර බව. ඉස්කෝලෙ සහතිකේ එකක්. ප්‍රඥාව පිළිබඳ සහතිකය තව එකක්. චීන කටු චිකිත්සාව පිළිබඳ ඉතිහාසය මා ඒ අයට කියා දෙන විට ඔවුන් ඇසුවා ඔබ කොහින්ද මේ තරම් දැනුමක් ලැබුවේ කියලා.

මා කීවා මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම මාත් පොතපත කියෙව්වා. සාකච්ඡා සම්මන්ත්‍රණවලට ගියා, දැනුම ලැබුවා කියලා. මගේ යම් බලාපොරොත්තුවක් තිබුණේ නෑ මෙවැනි උපාධියක් ගැන. ඒත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ ඒ කණ්ඩායම දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මට ආචාර්ය උපාධිය පිරිනැමුවා.

ඉන් පසු මර්වින් සිල්වාට ලැබුනේ "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරව නාමයයි. 2011 වසරේ මාර්තු මාසයේ අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් අනුරාධපුර මහා විහාරයේදී එය පිරිනැමුවේ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණෝ විසිනි.

මෙම ගෞරව නාමය ලබාදීමට හේතු ලෙස සඳහන් කරන්නේ ජය ශ්‍රී මහා බෝධි මලු, මහාවිහාර ධර්ම ශාලාව ඉදිකිරිම,රුවන්වැලි චෙයිත්‍ය රාජයානන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන චෛත්‍යරාජයානන් වහන්සේලා ස්වර්ණාලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන් මෙන්ම අනෙකුත් ආගමික කටයුතුයි.

එහිදී ආචාර්ය මර්වින් සිල්වා ගේ උපන්දිනය වෙනුවෙන් 2011 වසරේ මාර්තු 24 හා 25 දිනවල ආගමික කටයුතු රැසක් සිදුකොට තිබූ අතර තවද මර්වින් සිල්වා විසින් ලෝවාමහාපයේ පිළිසකර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක් ලබාදිමට පොරොන්දු වී තිබුණා.

ඉන්පසු ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ ගවයින් 100 දෙනකු නිදහස්‌ කිරීමේ පිංකමක්‌ 2011 නොවැම්බර් 05 වෙනි දින මර්වින් සිල්වා ඇමතිතුමා විසින් සිදුකර තිබුණා. ඒ වෙනුවෙන් එහිදී "ශ්‍රී රෝහණ වීර වික්‍රම" සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.

ඉන්පසු මර්වින් සිල්වා අමාත්‍යවරයාට ඊයේ තවත් විශේෂ ගෞරව නාමයක් පිරිනමා තිබෙනවා. "දෑ ප්‍රේමී ජනරංජන" නම් ඒ ගෞරව නාමය අම්බලන්ගොඩදී පිරිනමා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් විසිනි.

පසුගිය ජනවාරි මාසයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවන්නේ 
මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්‍රන්ථ විශාරද පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමියන් විසිනි. 
2004 වසරේදී ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට පැමිණීමේදී පාර්ලිමේන්තුව තුලදී අක්මීමන දයාරතන හිමිගේ රහස් අවයව මර්වින් සිල්වා විසින් මිරිකා ඒවාට වලට තුවාල සිදු කිරීම නිසා ඒ හිමියන්ට රෝහල් ගතවීමටද සිදුවිය.

"බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" හා "ශ්‍රී රෝහණ වීර වික්‍රම" ගෞරව නාම ගැනීමට මර්වින්ගේ බෞද්ධ කටයුතු වලට මුදල් ලැබුනේ කැළණියෙන් අයථා ලෙස උපයාගත් කප්පම් මුදල් වලිනි.

කිරිබත්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කැලණියේ මත්පැන් ශාලා ජැක්‌ පොට්‌ සූදු ව්‍යාපාරයද කරගෙන ගියේ මර්වින් සිල්වාගේ ආශිර්වාදයෙනි. එම ආශිර්වාශය යටතේ සිදුවූ කප්පම් ගැනීම්, මැර ක්‍රියා, කුඩු ජාවාරම් හා අනෙකුත් ජඩ වැඩ පිළිබඳව මීට පෙර කීප වරක් හෙළි කර ඇත.

කැලණියේ කවදාවත් කැසිනෝ, ජැක්‍පොට් තිබ්බෙ නැහැ. නමුත් මේ ඇමැති කැලණියේ සංවිධායක වෙලා ආවා විතරයි කැසිනෝ, ජැක්‍පොට්, රාත්‍රී සමාජශාලා සේරම කැලණියට ආවා. කැලණිය කියන්නේ බෞද්ධ පුරවරයක්. කැලණියට කප්පම්, ජාවාරම් ඇතුළු මේ සියලු දුරාචාර ගෙනාවේ මේ ඇමැතිවරයායි.

පසුගියදා එසේ පවසුවේ මර්වින් සිල්වා ඇමැතිවරයාට එරෙහිව කැරලිගසා සිටින ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රී කණ්ඩායමයි.
 
 

 
Related Posts with Thumbnails